(චාපා මධුභාෂිණී)
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මැදිරිගිරිය ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ඇගේ සැමියා විසින් මැදිරිගිරිය විහාරමාවත මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
තියුණු ආයුධ පහරින් තුවාල ලැබූ සංවර්ධන නිලධාරීනිය බරපතළ තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රිතිකාර කටයුතු සදහා පොලොන්නරුව මහරෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.
මෙම නිලධාරිනිය ඒක්දරු මවක වන අතර කලක පටන් මොවුන් දෙදෙනා අතර ආරවුලක් පැවත ඇති අතර මෙම නිලධාරිනිය අද 30 වන දින මැදිරිගිරිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කොට නැවත තවත් නිලධාරිණියක සමග නිවස බලා යමින් සිටියදී ත්‍රි රෝද රථයකින් පැමිණි බව කියන සැමියා මොවුන් ගමන් කළ බව කියන යතුරුපැදිය නවතා තියුණු ආයුධයකින් ඇයට පරදී ඇතැයි පොලිසිය කියයි.
ඇයට පහරදී තුවාල සිදු කළ බව කියන පිහිය ඒම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇති අතර ඇගේ සැමියා මේවනවිට ප්‍ර දේශයෙන් පලා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේනවිට විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ්.ඒල් විතානගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංවර්ධන නිලධාරිනියට සැමියා තියුණු ආයුධයකින් පහරදීලා