(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම ජයකොඩි කන්ද හා මාරාව ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අල්ගස් සාලි මුස්ලිම් ප්‍රාථමික විද්‍යාල භූමියේ තිබී කඩු, සිවුරු, කහ සලු සමඟ එහි විදුහල්පති ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විද්‍යාල භූමියේ තිබී සිවුරු 7ක්, කඩු 3ක්, ගමන් මලු 3ක් සොයාගෙන ඇත.
ලී මඩුවක සඟවා තිබූ ශුද්ධ වූ බයිබලයක්, පූජා අවස්ථාවන්ට යොදාගන්නා කහ පැහැ කුඩා සලු, සිවුරු 34ක් සහ සිවුරු රෙදි තොගයක්ද සොයාගත් බව පොලිසිය කියයි.
පානදුර පොලිස් කොට්ඨාසයට අයත් සියලු පොලිස් ස්ථානවල නිලධාරීහු සහ යුද හමුදා කමාන්ඩෝ නිලධාරීහු මීට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් පිළිකාවක්. අති භයානක තත්ත්වයක් .
දැන් මේකටත් කට්ටිය කියයි... මේවා සිවුරු නෙමේ.. කහපාට රෙදි කියලා..