(ශෂිකා අබේරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ නිල දර්ශක අනුපාතිකය රුපියල් 336.39 ක් ලෙස සටහන් වී ඇත.

මහ බැංකු නිල දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය සතිය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් රුපියල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ බවයි. ඒ අනුව ජුනි මස 01 වැනිදා රුපියල් 329 සීමාවේ පැවති ඩොලරයේ අගය, අද වන විට රුපියල් 336.3944 ක් දක්වා ඉහළ ගොස් තිබේ.