(සනත් ගමගේ)
හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාගාරවල පැවැති අර්බුදය හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටින සියලු හෙද හෙදියන් වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා පෞද්ගලිකව ලිපි යැවීම සිදුකළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා පැවසීය.
ඉකුත් 5 දා සේවයෙන් ඉවත් ගිය සියලුම හෙද හෙදියන් අද (8) වනවිටත් දින තුනක් රෝහලේ සේවයට වාර්තා කර නොමැති අතර 450 ක ප්‍රමාණයක් ඉක්ම වූ හෙද හෙදියන් සේවා මුර යටතේ රෝහලට සේවය සඳහා පැමිණිය යුතු වුවද ගත වූ දින තුන තුළදී හෙද හෙදියන් සේවයට වාර්තා නොකළේය.
නමුත් විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, අතුරු වෛද්‍ය සේවාවේ නියැලී සිටින නිළධාරීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සහයෝගයෙන් රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රතිකාර සේවා සිදු කරමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාගාරවල පැවැති අර්බූදයක් හේතුවෙන් හෙද හෙදියන් හා අතුරු වෛද්‍ය සේවාවේ නිළධාරින් අතර ඇති වූ අර්බූදයක් හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ සේවා කටයුතු දෙපාර්ශවයේ වැඩවර්ජන හේතුවෙන් ඇණ හිට තිබිණි.
හම්බන්තොට මහ රෝහලේ පවතින අර්බූදකාරී තත්ත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහිංසක රෝගීන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් වහා සොයා බලා පියවරක් ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත හදිසි ලිපියක් යැවීමට කටයුතු කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
හෙද හෙදියන් අද (8) දහවල් වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු කර ඇති බව හම්බන්තොට රෝහලේ හෙද සංගමයේ ප්‍රකාශයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?
කෝ මේ දොස්තරලට බනින එවුන්...
දොස්තරලගේ ආදර්ශයයි මේ. අන්න පාදෙනිය කඩේ යනවා. සම්මන්ත්‍රණ තිය තිය... කරාපිටිය හන්දියේ ගහපු කටවුට් එක බලන්න. ඩිංග බැරිවෙනකොට ස්ට්‍රයික් කරනවා.
යහපාලනයෙන් වෙච්ච දේ ඩඩ්ලිට ලංකාව පුරා හෝටල් හදන්න පුළුවන් වෙච්ච එකයි. කුමාරසිංහට නිකන් ඉඳලා ලංකාවේ ලොකුම පඩිය ගන්න ලැබුණු එකයි, අයියට ලංකාවේ ලොකුම ගෙදර ලැබුණු එකයි විතරයි.
ඊට පෙර පාලනය අමතකද? දළදා මාළිගාව ලග කාර් රේස් තවත් තියෙනවා.