(එෆ්.අස්ලම්)
තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
දෙමළ ජනතාව බලාපොරොත්තු වන එම විසදුම ලබා නොදෙන්නේ නම් එම ජනතාව වෙනම රාජ්‍යක් ඉල්ලන තැනට යළිත් තල්ලු වනු ඇති බවද සිවාජිලිංගම් මහතා සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ශ්‍රීලංකා රජයෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ ඉල්ලීම් තේරුම්ගත යුතු බවත් හෙතෙම සදහන් කලේය.
ජනවාර්ගික අර්බුදයට විසදුම් ගෙන ඒමට අපොහොසත් වීම නිසාවෙන්ම උතුරේ දෙමළ තරුණයින් අවි අතට ගෙන සටන් කිරීමට සිදුවූ බවත් නැවතත් එවන් යුගයකට තල්ලු වීමට ඉඩදිය නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සියළු ජනතාවට එක්සත් ලංකාවක් තුළ නිදහසේ ජීවත් වීමට ඉඩකඩ විවර කළ යුතුව ඇති බවත් සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
තවද යුද සමයේ දී ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බව 2015 වසරේදී ශ්‍රීලංකා රජය පිළිගෙන ඇති බවත් ශ්‍රීලංකාවේ සම අනුග්‍රහය ඇතිව මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කරගන්නේද ඒ අනුව බවත් කී සිවාජිලිංගම් මහතා ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයකින් යුද අපරාධ චෝදනාවලින් මිදී සිටිය නොහැකි බවද කීය.
තවද යුද අපරාධ,මානව හිමිකම් කඩවීම් වලට සම්බන්ධ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනයක් සිදුකර අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉටුකරලිය යුතු බවත් එහි වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගත යුතු බවත් සදහන් කලේය.
COMMENTS
මෙයත් අපේ අර දියව් දියව් හැම දේම දියව් කියන කළුකුමාර සංස්ථාවේම සේවකයෙක් නේද? කොහොම හරි මිනිස්සුන්ව කුලප්පු කරන්නමයි හදන්නේ ...
දැන් ඉන්න ජනාධිපති ඔය වගේ අදහස්වලට හරිම කැමතියි. ඉක්මනටම ඔයාගේ ඉල්ලීමට ඇහුන්කන් දේවි..
නිකන් මිනිස්සුන්ව කුලප්පු නොකර ඉන්න...
පිස්සුද? නැත්නම් හැටිද?
ඡන්දයක් ළං වෙනකොට මෙයාලා පරණ තැටිය වාදනය කරන්න පටන් ගන්නවා.
මේ ව්‍යංගයෙන් ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් නේද? මේ පුංචි රටේ කොහොමද ඔය විදිහට ස්වයං පාලන අයිතියක් දෙන්නේ. එතකොට රට පුරා විසිරී සිටින දෙමළ ජනයා සහ වතු කම්කරු ජනතාව. පස්සේ ඒ අයත් එකතු කරගෙන රට වටකරලා දෙයි වැඩේ. ඇයි ස්වයංපාලනයක් වෙනුවෙන් ද්‍රවිඩ නිජබිම වන තමිල්නාඩුව තෝරාගන්න පුළුවන්නේ.
ඡන්දෙ ලං වෙනකොට මෙයා හැමදාම මේ වගේ පාට් දානවා. මෙයාට මේවට හොඳ ගාණක් ලැබෙනවා ඇති... මෙයාට අඩු සාටකයක් විතරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මොහු ස්වාධීනව ඉල්ලන්න ආවා. හැමෝම කිව්වේ පොහොට්ටු විරෝධී ඡන්ද කඩන්නයි එන්නේ කියලා. මේ සැරෙත් එහෙම වාසියක් අරන් දෙන්න වගෙයි හදන්නේ....
මෙයා කරන්නේ පොහොට්ටුවේ කොන්ත්‍රාත්... බෝලේ උස්සල දෙනවා වහල්ලුන්ට ඩෑෂ් ගහන්න. චෙක් එක ඇමරිකාවෙන් බැංකු ගිණුමට. කොරෝනාව පාලනය ඇතුළු බලයට ඇවිත් පහුගිය මාස 6 ම කරපු සියලුම දෙයින් අනාගත්තු රාජපක්ෂලාට මීට වඩා කල හැකි දෙයක් නැත.
නැගෙනහිර වැඩිපුර ඉන්නේ මුස්ලිම් මිනිස්සු... නැගෙනහිර ඉන්න දෙමළ මිනිස්සුත් අයිතිවෙන්නේ ඔය ගොල්ලන්ගේ කුලයට නොවේ.., එම නිසා ඒගොල්ලන් කැමති නැහැ ඔයත් එක්ක එකතු වෙන්න. යුරෝපයේ සහ ඇමරිකාවේත් මේ දවස්වල කළු මිනිස්සුන්ගේ සහ කොරෝනා ප්‍රශ්න එ්මනිසා මේ අවස්ථාවේ ඕවා මාර්කට් කරන්නත් බැහැ. කට වහගෙන පැත්තකට වෙලා ඉන්න.
අවුරුදු 30 ක යුද්ධයක් කලේ මේ කතාව නිසා කියලා මෙයාට මතක නෑ...
දැන් විමලේ ගිරිය කඩන් කෑගහයි. දෙමළ ෆෙඩරල් ඉල්ලනවෝ...!!! එතකොට් බයියෝ චූන්වෙලා රටගැන හිතලා කතිරේ ගහයි .. ඔන්න ටිකදවසකින් විගි කොටියා ගැන දොඩාවි... මෙව්වා ඡන්ද දායකයා අන්දන වැඩනේ...
තනිකරම් ජරා දේශපාලනයක් කරන්නේ... මේ ඔක්කොම සැපට කළෙඹ ඉඳලා මාසයකට සැරයක් යාපනයට යනවා. අර අහිංසක දෙමළ මිනිස්සු සුලුතරයක් රවටා ගන්නවා... අවුස්සනවා. මෙයාට තේරෙන්නේ නැද්ද? බහුතරයක් දෙමල මිනිස්සු, සිංහල මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියලා...
ඔය මූණ දැක්කම මට දෙන්නම හිතෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ අපි රිදී බන්දේසිය හෝදනවා. මහෟෂධ පණ්ඩිතයෝ කේවට්ටයාට මැණික දුන්නු විදිහටම දෙන්නම්...
අවුරුදු තිහකට කලින් ඕක කතා කරන්න තිබුනේ. බටහිර රටවල් අල්ලාගන සන්නද්ධ අරගල කරලා කරපු විනාශය මතක නැද්ද? ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු වගේම සිය ගණනක් හාමුදුරුවරු, දහස් ගණනක් අහිංසක රටවැසියන් මැරුණු හැටි හැමෝටම මතකයි. කෝටි ප්‍රකෝටි ගණනින් රටේ දේපොළ විනාශ කරපු හැටි දැන් අමතකද? මේ වගේම ජනතා විමුක්ති පෙරමුණත් යුද්ධ කරලා බැරිම තැන දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ඇවිත් එකම රටක කොටස් කාරයෝ වෙලා. දැන් ඉතින් ෆෙඩරල් පාලන විසදුමක් ඉල්ල ඉල්ලා ඉන්නේ නැතුව අනිත් පුරවැසියන් සමග සමගි මාවතේ එන්න.
මෙන්න මෙයාවත් නන්දිකඩාල් එක්කන් ගිහින් ස්වයං පාලනේ පෙන්වන්න. මහඑකාට දුන්නා වගේ...
සිවාජි , ඔයාව ආයුධ පෙන්වන එක්කරගෙන යන්න පුලුවන්ද? අපි එන්නම් ලැස්තිවෙලා ඉන්න....
සැම් මහතාට ලැබි තියෙන dislikes වලින් රටේ යන ඉසව්ව පැහැදිලි ද ?
ඔබට ස්වයන් ව පාලනය වෙන්න බාධාවක් නැහැ. අසල්වැසි සහ රටේ අනෙකුත් පුද්ගලින්ට හානියක්, කරදරයක් නොවන ලෙස ලංකාවේ නීතියට අනුව ජීවත් වෙන්න. නැතිනම් ඔබගේ මුල් නිජබිමට ගොස් පාලනය බලය ඉල්ලා සිටින්න.
ඔබට ස්වයන් ව පාලනය වෙන්න බාධාවක් නැහැ. අසල්වැසි සහ රටේ අනෙකුත් පුද්ගලයින්ට හානියක්, කරදරයක් නොවන ලෙස ලංකාවේ නීතියට අනුව ජීවත් වෙන්න. නැතිනම් ඔබගේ මුල් නිජබිමට ගොස් පාලනය, බලය ඉල්ලා සිටින්න.
මේ වගේ ජාතිවාදීන්ට කඩේ යන්නේ කොයි අයද කියලා ජනතාව දන්නවා...
මෙයාට කියන්න මගේ කටෙ තියෙන වචන ලියන්න බැහැ. නියම උත්තර ජනාධිපතිතුමා නියම වෙලාවට දෙයි.
රටේ මේ වන විටත් ජනවාර්ගික අර්බුධයක් ඇතැයි පවසන්නේ ජනවාර්ගික ගැටුම් මවා පාමින් තමන්ගේ බලය රැක ගැනීමට උත්සාහ කරනා සිවාජිලිංගම්ලා වැන්නවුන් පමණය. මේ ගණයට අයත් මුස්ලිම් නායකයින්ද ඇත. ඔවුන්ට බලයේ ඉන්න ලැබෙන්නේ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් පමණි. අනික කොටි සංවිධානයේ හෝ ඊට අනුබල දුන් කිසිවෙකුට මානව හිමිකම් ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේච්ඡ මිනිස් ඝාතන අපට තවමත් අමතක නැත. අහිංසක සිවිල් වැසියන්, නාහිමි වරුන්, බැතිමතුන් අමු අමුවේ ඝාතනය කල යුගය ලොවටම අමතක උවත් අපට අමතක නැත. මානව හිමිකම් ඇත්තේ එලෙස ඝාතන සිදුකල අයට පමණද? කෘර ලෙස ඝාතනය වූ ඒ අහිංසකයින්ට මානව හිමිකම් නැද්ද..?
විග්නේශ්වරන් , ශ්වජිලිංගම් උතුරෙන් ගිනිතියනකොට , දකුණෙන් විමල් විරවංශ ඇතුළු පිරිස පටන් ගන්නවා. ඉන්පසු නැගෙනහිරෙන් හිස්බුල්ලාගේ කට්ටිය උඩු බුරලන්කොට, මන්නාරම පැත්තෙන් බදියුදීන් පටන්ගන්නවා... තොන්ඩමන්ගේ කට්ටිය සද්ද නැතුවම ඉඳල වැල යන පැත්තට මැස්ස ගහනව... මෙහෙම කරලා මේ රට දියුණු කරන්න බැහැ. සුළු ජාතිකයන්ට සෙතක් වෙන්නෙත් නැහැ. ජනතාව එක්සේසත් වෙලා ගෝඨාභය මහත්මයට බලය දුන්නත් ඔහුත් අර චන්දෙට කලින් පොරොන්දු වෙච්ච විදිහට මහා බැංකු හොරු ඇතුළු දුෂිතයන්ට දඩුවම් නොදී , වියත්මගේ සිටින උගත් , බුද්ධිමත්, වැදගත්, අවංක මිනිසුන්ට නොමිනේෂන් ලිස්ට් එකේ තැනක් නොදී පරණ පුරුදු දුෂිත ඔළුගෙඩි සෙට් එකම චන්දෙට දමල..., මෙහෙම ගියොත් මේ රටට කිසිම අනාගතයක් නැහැ .
තවම ලැජ්ජා නැද්ද...? ප්‍රභාකරන් මැරුණේ ඔක ඉල්ලන්න ගිය නිසා කියලා...
අම්මප කරුමේ කියන්නේ, මේ ඩෙංගු හැදිලා මැරෙන්නෙත්, කොරෝන හැදිලා මැරෙන්නෙත් අපි වගේ උන් විතරමනේ...
උතුරෙ නියෝජනය ඔය පටන් ගත්තා.. දකුණේ නියෝජනය විමලෙත් ඔය සැරෙ පටන්ගනීවි. උතුරෙත්, දකුණෙත් මිනිස්සු කට ඇරගෙන ඉදලා අන්තිමට රට ඛෙරගන්න කියලා කතිරෙ ගහයි.
සිවාජිලිංගම් ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් නෙමෙයි. ඒ ෆෙඩරල් වර්ගයේ ස්වයං පාලන විසඳුමක්. ඒක දුන්නත්, නැතත් ඒ මිනිහට තමන් නියෝජනය කරන මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පරම අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මම දැක්කා ඒකට ව්‍යංගයෙන් මරණවා කියලත් කියලා තිබුනා. මුළු රටේ ජනතාවගෙන් එක් කොටසකගේ බලය ලබාගත් පමණින් ජනතාවගේ ප්‍රශ්ණ යටපත් වෙන් නෑ. ජාතිවාදීන්ට කල හැක්කේ ප්‍රශ්ණ තව තවත් අවුල් කිරීම මිස විසඳුම් දීම නොවේ.1956 දී බණ්ඩාරනායක කලේද එයයි. එය මහින්දට, ගෝඨාබයට මෙන්ම සිවාජිලිංගම්ට ද අදාලය. අවශ්‍ය වන්නේ ප්‍රශ්නයේ මූල හේතු සොයා පිළියම් යෙදීමයි.
නිකං බොරු වැඩ නොකර ඉදපන් ...
ඔයාලා උතුරු, නැගෙනහිර අවුරුදු 30ක් පාලනය කරපු හැටි අපි දැක්කා.. ඒ පාලනය නිසා වෙච්ච අමානුෂික ක්‍රියාදාමය ලියන්ට ගියොත් වෙනම අපරාධය සහ දඬුවම කියලා පොතක් ලියන්නට වෙයි. මේ අවුරුදු 30දී රටට සිදුකළ මහ විපත නිසා මුළු රටම දියුණුවේ මඟ ඇහිරී ගියා.. අපේ තරුණ ජීවිත බියෙන්, අන්ධකාරයෙන් වැසීගියා... උතුරු, නැගෙනහිර කියන්නේ නුඹලාගේ බූදලයක් නෙවෙයි. අනාගත ලංකාවේ සංවර්ධිත කලාපයක් ...!! ධන නිධානයක්.... මොවුන්ගේ මේ ඉල්ලීම් ප්‍රසිද්ධ කිරීමත් තහනම් කරන්ට ඕනේ... නීති බලය නැතිව කළ හානිය මදිවට මේ වගේ අයට පාලනය දුන්නොත් අපේ අනාගත ලංකාව හරක් මඩුවක් වෙයි... දැක්කනේ නායකයෝ මැරුණාම කොරෝනා නීති නොසලකා ආපු සෙනග ? මේ වගේ අයටද පාලනය බාරදෙන්න කියන්නේ ...?
මේක ජාත්‍යන්තරය නෙවේ ලංකාව. ලංකාවේ ඉන්න ඕන ලංකාවේ විදියට. අනික ඉල්ලන් කන්නේ නැතුව ඉන්න. මතකද දොරේ අප්පලාට ඔයාලගේ ප්‍රභා සලකපු හැටි...?
මෙවන් අන්තවාදීන් නීතිය ඉදිරියට ගෙන දඬුවම් දිය යුතුයි.. මේ රට බෙදීමට අනුබල දීම රටේ ව්‍යවස්ථාවට පටහැනියි..
ලයික් හෝ ඩිස්ලයික් වෙනුවෙන් ඔබගේ ස්මාර්ට් ෆෝන් එකේ හෝ පරිඝණකයේ එකම තැනට එකදිගට කෙටීම, එහි පැවත්මට ඉතා හානිදායකය. ඒ ගැනත් සිතන්න...
ඇමරිකාව පෙඩරල් නිසා තමයි කෙලවගෙන තියෙන්නේ. එහි ඇති භයානක කම covid 19 වැනි වසංගතයක් නිසා ඇමෙරිකානු වැසියෝ ලක්ශ ගණනක් තවමත් මියයමින් සිටිනවා.
කැනඩාවෙන් එකතු වෙලා මේ දවස් වල වැඩ කරනවනේ, රට හදනවට වඩා මේ කාලකන්නියි, ආක්‍රමණයයි තමයි රටේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒවාට ඉක්මනට බෙහෙත් දීලා නැති කරලා දාන්නෙත් නැහැ. මේ ජාතින් නමින් ආපු පක්ෂ තහනම් කරන්න.
මෙයාගේ සැප දුක බලලා එන්න වෑන් එකක් යවන්න පුලුවන්ද???
ඕවා චන්දයක් ලං වෙනකොට එන කතා. ඒවා ඒ අයටත් වාසියි. මේ ගොල්ලන්ටත් වාසියි. අපි මෙහෙ නිකන් ඩේටා කපා ගන්නවා.
මේ කවුද...? යන්න ඉන්දියාවට.. ඕන හැටියට එහෙ ඉන්න පුළුවන්.. මෙහෙට ෆෙඩරල් ඕන නැහැ .. කාපු ටික මැදිවෙලා වගේ මේ ගොල්ලන්ට...
ඉස්සෙල්ලා උතුරු, දකුණු අපි හැමෝම තම තමන් පාලනය කරගන්න බලමු. මොකද මෙයාලට තාමත් බැරිවෙලා තියෙනවා තමුන් පාලනය කරගන්න. එහෙම තම තමුන්ට තමන්ව පාලනය කර ගන්න පුළුවන් කියලා පෙන්නුවොත් විතරක් මේ ඉල්ලන තමුන්ට තමන්ව පාලනය කරගන්න ෆෙඬරල් හරි, වෙන ඕනම පාලන ව්‍යුහයක් දෙන්න පුළුවන්...
ඕනතරම් පස් දෙන්නම්. මුහුද ගොඩකරලා රටක් හදා ගන්න...
ප්‍රභාකරන්ට ගන්න නොහැකි වුණු ඊලම මස්සිනා තාමත් අතහැරලා නැහැ. දැන්ම මේක ඉවර කරන්න .
අනේ ඕවා පරණ පොත්... ඡන්දෙට පෙර අපේ අයට කෑමට, පොහොට්ටුවෙන් කීයක් දෙනවද ඔය කියමනට...? අපි නම් අහුවෙයි. ඡන්දෙ දිනන්න පොහොට්ටුවේ අය ජාතිවාදේ අවුස්සන්නම තමයි බලන්නේ...
ඔය එළියට පැනලා තියන දත්ටික... ඇතුළට යවාගන්න තමයි හදන්නේ.. ඊටපස්සේ ඔය ෆෙඩරල් කියන වචනයවත්, කියාගන්න බැරිවෙයි.
මේවා ඔක්කොම චන්ද ගුණ්ඩු. ජාති, පක්ෂ බේදයක් නෑ, චන්ද ලංවෙනකොට මුන් ඔක්කොම එකයි. ජනතාව කුලප්පු කරලා වැඩේ කරගන්න හදන්නේ. අනිත් එක, එක එක්කෙනා කියන දේවල් ගැන බයවෙන්න ඕන නෑ රටේ ව්‍යවස්ථාව අනුව වැඩ කරනවානම්. අපේ උන්ට පත් උනාට පස්සේ නීතිය අමතක වෙනවනේ. මතකනේ සිරිසේන, මහින්ද අගමැති කරන්න ගිය හැටි.
අපි බීරි අලි, ඔයා පුලුවන්තරන් හයියෙන් වීනාව ගහන්න. අපිට ඇහෙන්නෙත් නැහැ... අපි දෙන්නෙත් නැහැ .
ප්‍රභාකරන්ටත් ගන්න බැරිවෙච්චි එකේ .. මෙයාට නම් මෙන්න කියලම දෙයි...
මෙයත් හරියට අර ගලගොඩ හාමුදුරු වගේ ඡන්දයක් ලන්වෙනකොට කරලියට එනවා... පරණ තැටිය අරගෙන අරය මුස්ලිම්ලා හොයන්න පටන් ගන්නවා.. කොළ කෑලි ටිකක් තියාගෙන අපි ගාව සාක්ෂි තියනවා. මේවා මාධ්‍යයට දෙනවා හැමදාම එකම බයිලා... මෙයා ෆෙඩරල් පාලනය ඉල්ලනවා...
චන්දෙට දින නියම කරපු ගමන් මීට වඩා දේවල් බලාපොරොත්තු වන්න. සමහරවිට බෝම්බ පුපුරවාවි. පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රචාර පෙරහැර පටන්ගෙන තිබේ. ගලබොඩ හාමුදුරුවෝ , සිවාජිලිංගම් වගේ කස කාරයෝ ඉස්සරහින්ම යනවා.
කෙළින්ම ඊළම ඉල්ලුවම නොදෙන බව දන්න නිසා පළමුව ස්වයංපාලනය ලබාගෙන දෙවනුව ඊළමට පාර කපාගැනීම මේ ප්‍රකාශයේ අරමුණ විය හැකියි.