( +++ ඉන්දිකා රාමනායක)
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචිමාර්ග කියයි.
පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී තිබිණි.
තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.
සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
යාපනය බන්ධනාගාරයේ හින්දු සිරකරුවන් පිරිසක් ඉකුත් වසරේ බන්ධනාගාරයේ පැවැති තරගයක් වෙනුවෙන් සංඝමිත්තා තෙරණිය, දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම චිත්‍රයට නගා තිබූ අතර, සංඝමිත්තා තෙරණිය, මිහිදු හිමියන් හා කාවන්තිස්ස රජතුමාගේ ප්‍රතිමා තුනක් ද එහි ඉදිකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
තරගයෙන් පසුව එම චිත්‍ර හා ප්‍රතිමා ආවරණය කර තිබූ අතර මේ දිනවල රට පුරා තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාවක් පවතින හෙයින් බන්ධනාගාර සිරකරුවන්ද එම අවස්ථාවට එක්වෙමින් මෙම චිත්‍ර හා මූර්ති නිරාවරණය කර ඇත.
සිද්ධිය සැලවීමත් සමග සිවාජිලිංගම් ඇතුලු උතුරේ දේශපාලකයන් පිරිසක් පෙරේදා එම ස්ථානයට පැමිණ චිත්‍ර ඇඳීමේ නිරත පිරිසට සිය විරෝධය දක්වා ඇති අතර, එහිදී ඔවුන් සමග වචන හුවමාරුවක් ද සිදුවී ඇතැයි කියති.
සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීමට ඉඩ දිය නොහැකි බවට පැවසීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් එම ප්‍රතිමා එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රට රකින වීරයා? ඔක්කොම වීරකම් ඡන්දෙ ගන්නකම් විතරයි.
ගෝඨාභය නාමේ... වැඩ කරන අපේ විරුවා...
ගෝඨා නොවේ.. කවුරු ආවත් මේ අය බය නෑ. ඔවුන්ගේ ජාතිවාදී අදහස් එළිපිටම ප්‍රකාශ කරනවා. කෝ ඒවට නීතිය. කවුරුත් අරින්න හදන්නේ සිංහල අපිටම තමයි. පාඨලීව ගත්තෙත් දේශපාලන පළිගැනීමකට... ඕවට මහ ඡන්දෙදි වන්දි ගෙවන්න වෙයි. ජනාධිපති එක පක්ෂයක. පාර්ලිමේන්තුවේ බහුතරයක් අරන් සජිත්ව අගමැති කරලා ජාතිවාදය නැතිකරලා ඔය චිත්‍ර මකන්න ඕනෑ.
ඔන්න පුතේ දකුණේ තියන සිවාජිලිංගම්ගේ පිළිම ටිකත් ගැම්මට ඉවත් කරමු. සංහිඳියාවනේ...
ඔය පිස්සෝ රැළ තමා රටේ ප්‍රශ්න ඇති කරන්නේ. අනික් පැතිවල තියන හින්දු කෝවිල් වල පිළිම කොළඹ එනකොට සිවාජිලට පෙන්නේ නැද්ද ?
කොයි ආණ්ඩුවක් ආවත් එච්චරයි. වෙනස් වෙමින් පවතී හීනෙන්....................
ඉල්ලගෙන කන්න යන්නේ මේපාර. ජනාධිපතිතුමනි කිසිම ප්රතිපාදනයක් වෙන් කරන්න එපා ඔය අයට. උතුරේ ඉන්න ආරක්ෂක නිලධාරින්ට සහ පොලිසියේ නිලධාරින්ට හැරෙන්න. ජාතිවාදය ඇවිස්සීමට දැන් රටේ නීති තියෙනවා නේද? ඇයි මෙයාව අත්අඩංගුවට ගන්න බැරි...?
නමට දේශහිතෛෂි නමුත් ජාතිවාදියා කෝ ?
ඝෝඨා නෙවේ කවුරු ආවත් මේ අය බයනෑ. ඔවුන්ගේ ජාතිවාදී අදහස් එළිපිටම ප්‍රකාශ කරනවා. කෝ ඒවට නීතිය...? කවුරුත් වැඩේ දෙන්න හදන්නේ සිංහල අපිටම තමයි. පාඨලීව ගත්තෙත් දේශපාලන පළිගැනීමකට. ඕවට මහ ඡන්දෙදී වන්දි ගෙවන්න වෙයි. ජනාධිපති එක පක්ෂයක. පාර්ලිමේන්තුවේ බහුතරයක් අරන් සජිත්ව අගමැති කරලා ජාතිවාදය නැතිකරලා ඔය චිත්‍ර මකන්න ඕනෑ...
වෙලාවකට හිතෙනවා තාමත් තියෙන්නේ පරණ ආණ්ඩුවමද කියලා? එත් පස්සේ මතක් උනාම දැන් තියෙන්නේ රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව උදා කරගත් දේශප්‍රේමී ආණ්ඩුව කියලා මගේ හිතට පුදුම ආඩම්බරයක් එනවා. මට හිතෙන්නේ දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව දේශප්‍රේමී වෙලා. එත් කලින් ආණ්ඩුව කාලේ දේශප්‍රේමී වෙලා රට බේරගන්න කෑ ගහපු කී බෝඩ් වීරයෝ ටිකට මොකක්දෝ වෙලා. ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ ඉතින්.
හොඳයි මෙහෙම හිතමු. සිවාජිලිංගම්ලා එළාර රජුගේ පිළිමයක් අනුරාධපුර හිරගේ ඉදිරිපිට තිබුවොත් එකට කැමති වෙනවද?
යාපනයේ බෞද්ධාගම තහනම් නම් ලංකාව බෞද්ධ රටක් කියන්න බෑනේ
දැනට මේ ගැන කලබල නොවිය යුතුයි. නමුත් මේ ජාතිවාදීන්ගේ බෙදුම්වාදී වැඩසටහන් නම් දුටු තැන විනාශ කළ යුතුව ඇත.
දකුණේ දේශපාලුවන් දකුණේ ජනතාව රවටන්න යොදාගන්න උපක්‍රමම උතුරේ සහ නැගෙනහිරෙ දේශපාලුවන් ඒ ඒ ප්‍රදේශවල ජනතාව රැවටීමට යොදා ගන්නවා. මෙහෙම ප්‍රතිමා ඉදිකිරීමට විරුද්ධ වුනේ නැත්නම් සිවාජිලාට පැවැත්මක් නැහැ. ඒ හින්ද ජාතිවාදී ගින්නට නිතරම පිදුරු දමමින් සිටීම ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යමයි. අපෙත් එහෙම කට්ටිය ඉන්නවනේ. අපේ නායකයින් මේ තත්වය හරියට වටහාගෙන දෙමළ ජනතාව ඔවුන්ගේ නායකයන් ලෙස පෙනී ඉන්න ජාතිවාදීන්ගෙන් ගලවා ගත්තොත් මිසක්, ඒ ජනතාවගේ ආරක්ෂාව තිබෙන්නේ ඒ ඊනියා ද්‍රවිඩ නායකයන් වෙත නොව ශ්‍රී ලංකා රජය වෙත බව සැබෑවටම ඒත්තු ගන්නුවොත්, මිසක් මේ ප්රශ්නය හැමදාම පවතියි.
කවුරු බලයට ආවත් උතුරේ මේ දේශපාලඥයන් තම ජාතිවාදී මන්ත්‍රය අඛණ්ඩව මතුරනවා. ඔවුනට ශක්තිය දෙන්න විදේශීය රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන සූදානමින් ඉන්නෙ. ගෝඨා තමා අර කියපු ශක්‍රයාගේ වයිමා ආවත් මේ ජාතිවාදී ප්රවනතාවට ඒකවර තිත තබන්න බැහැ. ඒය පියවරෙන් පියවර කළ යුතු කාරියක්.
කලබල වෙන්න එපා ඒවා ප්රගතිසීලි උද්ඝෝසන පසුගිය නොවැම්බර් වලට ඉස්සරයි ඒවා ජාතිවාදී.
අනේ බමුණෝ. ඔයාලා වගේ මිනිස්සු.
ඇයි අපි විරුද්ධ වන්නේ ලාංකීය රජෙක් ගේ පිළිරුවක් අපිට ප්‍රශ්නයක් නැහැ
කෝ මේ ගෝඨාභය සහ කමල් ගුණරත්න..? දැන් සනීපද?
කෝ අපේ ළමයි ගොම්මන්පිල, වංශ, කමල් ගුණරත්න..? ඒ ගොල්ලෝ කොහෙ ගිහිල්ලද?
මේවා කියන්නේ කට කහනවටයැ...
පිස්සො කලබල කළාට ඩොක්ටර් එහෙම නෑනේ. ශිවාජි ගැන දන්නවා ගොඩක් අය. ඔහොම යන්න දෙන්න අපි කලබල නොවී රජයට ඉඩ දෙමු...
"අනේ බමුණෝ. ඔයාලා වගේ මිනිස්සු." ඔව් අපි කෙලින් කතාකරන නිර්භය මිනිස්සු... මොකක්ද ප්රශ්නය?
මුන්ට දඟලන්න තව දෙනවද? යාපනේ සිංහල මිනිස්සු පදිංචි කරන්න මේ අය වෛර කාරයෝ....
කෝ ඡන්දෙට කලින් හිටපු දේශප්‍රේමීන්?
සිවාජිලා එක්ක කොටින්ට කතිරේ ගැහුව අයියලා ඉන්න තරම දැක්කම කොල්ලෝ කෙල්ලෝ අඳින වෝල් ආට් ටික දූෂණය කරන්නේ මොක්කුද කියලා හිතාගන්න පුළුවන්...
බමුණා කෙලින් කතා නම්, කී බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව යන්නකෝ යාපනේට දැන්. ගිහින් දාන්නකෝ ඔයාගේ රැගුම් එතන.
අනේ හැබෑට කෝ අර දියසේන කුමාරයා ? ධනේශ්වරයේ දියසේනලා පුළුවන් ඇඹුල් පොල්පිති වලින් කපා ගන්ට දුසිමක් වුණත් .එයැයි දැන් කියන්නේ සිංහලයෝ මෙහෙ එනකොට එයැයිලු නොවැ මෙහෙ හිටියේ ? අවුරුදු ලක්ෂ ගණනකට පෙර පටන් මේ රටේ ගොඩනැගී තිබුණ ශිෂ්ටාචාරය, කෘෂිකර්මය, වාරි කර්මාන්තය පිළිබඳව අපේ ඒ ශ්‍රේෂ්ට පුරාවිද්යාඥායන් විසින් කරන ලද අනාවරණයන් හා සාක්ෂි පයිසයකට මායිම් නොකොට ඒවා ඉතිහාස පොතට වැද්ද නොගත් අපිට ඔහොම වෙලා මදි නේද ? ඔව් ඉතිං සියල්ල , සියළු කලා ශිල්ප , කර්මාන්ත ලැබුණේ මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් නොවැ ? දැන් ඉතිං වත්ත බද්දට දී ඉමු අපි ඇස්සට දත නියවාගන ?