(ඩයනා උදයංගනී)
සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ අනුව දැනට සේවක මරණයක දී සහ නිත්‍ය පුර්ණ බෙලහීනතාවයක දී ගෙවන වන්දි උපරිමය වන රුපියල් 5,50,000 රුපියල් ලක්‍ෂ 20ක් දක්වාත්, තාවකාලික බෙලහීනතාවයක දී ගෙවන වන්දිය රු 5,500ක උපරිමය රුපියල් 47,500ක උපරිමයක් දක්වා වැඩි කෙරෙන බව ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මේ අනුව 1934 අංක 19 දරන කම්කරු ආඥා පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවත්, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවූ බවත් ගම්මන්පිල මහතා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතිය
fairoos Wednesday, 19 January 2022 02:11 PM
ආණ්ඩුවට සල්ලි තියෙනවා වගේ එහෙනම්...!!!
PradeepWednesday, 19 January 2022 02:28 PM
ඕවා මොනාද..? අච්චු ගහලා දෙන එකනේ..