(රංජන් කස්තුරි)
විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධව සියලුම සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
සමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ
sam Tuesday, 18 April 2023 01:29 PM
රජයේ සේවකයන් සියල්ලන්ම අත්‍යාවශ්‍ය සේවකයන් ලෙස නම් කලානම් ඉවරයි. රජයෙන් වැටුපක් ගෙවන්නේ සේවයක් ලබා ගන්න මිසක් වර්ජනය කරලා මහජනතාව අපහසුතාවයට පත් කරනවාට නොවෙයි. නැතිනම් වර්ජන කරන වාරයක් වාරයක් පාසා, වරින් වර මේ ගැසට්ටුවට අළුතින් ආයතන හෝ සේවාවන් එකතු කරන්න වේවි.
Jayasekara Tuesday, 18 April 2023 02:26 PM
අර ස්ටාලින්ගේ දෙපාර්තමේන්තුවේත් ඔහොම කරා නම් නියමයි
පුරවැසියෙක්..... Tuesday, 18 April 2023 04:14 PM
ලංකාවට මෙවන් දැඩි තීරණ අවශ්‍ය කාලය එළැඹ ඇත. වත්මන් නායකවරයාගේ සෘජු තීරණය අගය කළ යුතුය. උදේට ගනු ලබන තීන්දු තීරණ සවසට වෙනස් නායකයින් මේ රටට හරියන්නේ නැත.