(රංජන් කස්තුරි)
විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධව සියලුම සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
සමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයන් සියල්ලන්ම අත්‍යාවශ්‍ය සේවකයන් ලෙස නම් කලානම් ඉවරයි. රජයෙන් වැටුපක් ගෙවන්නේ සේවයක් ලබා ගන්න මිසක් වර්ජනය කරලා මහජනතාව අපහසුතාවයට පත් කරනවාට නොවෙයි. නැතිනම් වර්ජන කරන වාරයක් වාරයක් පාසා, වරින් වර මේ ගැසට්ටුවට අළුතින් ආයතන හෝ සේවාවන් එකතු කරන්න වේවි.
අර ස්ටාලින්ගේ දෙපාර්තමේන්තුවේත් ඔහොම කරා නම් නියමයි
ලංකාවට මෙවන් දැඩි තීරණ අවශ්‍ය කාලය එළැඹ ඇත. වත්මන් නායකවරයාගේ සෘජු තීරණය අගය කළ යුතුය. උදේට ගනු ලබන තීන්දු තීරණ සවසට වෙනස් නායකයින් මේ රටට හරියන්නේ නැත.