(සුජිත් හේවාජුලිගේ)

පාස්කුදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා තවත් දින අනූවක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය ලබාදී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම අනුමැතිය දෙනු ලැබුවේ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසිනි.

සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේම වසරේ පෙබරවාරි මස 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් යුතුව ජාතීන් හා ආගම් අතර සහජීවනය බිඳ දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට උපද්‍රව කිරීම යනාදී චෝදනා ඉදිරිපත්ව අැත. ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තුන්වෙනි සැකකරු ලෙසද නම් කරනු ලැබ සිටී

සලේ මහතා රැදවුම් නියේග යටතේ මේ දක්වා රඳවා තබාගෙන අැති කාලය දින 180කි.