
(සමන් පාලිත නානායක්කාර)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර 31 බිංගෙය ආසන්නයේදී අද (3) විදේශ යුවලක් දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව මේ මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
මෙම යුවල කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ගමන් ගනිමින් සිටියදී අංක 31 බිංගය අසල දී මුලින්ම තරුණිය ඇද වැටී ඇති අතර තරුණයා ද ඇය බේරා ගැනීමට ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට පැන ඇති බවටද පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.
ප්‍රංශ ජාතික තරුණ යුවළක් මෙසේ තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි. දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා සිටි යුවල එම දුම්රියෙන් ම හපුතලේට රැගෙනවිත් 1990 ගිලන් රථ සේවයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
දුම්රියේ දොරේ එල්ලී තරුණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යන විට ඉන් ඇද වැටී ඇති බව ද ඇය බේරා ගැනීම සඳහා තරුණයාද බිමට පැන ඇති බව ද පොලීසිය කියයි. හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්පිරිතාලේ ඇඳේ ඉඳන් සෙල්ෆියක් අරන් FB දාන්න දැන්... මෝඩ හරක්.!
මේ අයට තාම ජීවිතයට වඩා සෙල්ෆිය ලොකුයි..!