
(සුජිත් හේවාජූලිගේ සහ අජන්ත රත්නායක)
ඩොලර් මිලියන 6.5 නිසා රටක් සමග අමනාප වෙනවා ද, එසේ නොමැති නම් එය සාමකාමීව විසදා ගන්නවා ද යන්න තීරණය කළ යුතුයි , චීන පොහොර සමාගමට වන්දි මුදල් ගෙවීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගලදී පැවසීය.
ජනතා මුදල් වැයවීමට වඩා ගිවිසුමක් සම්බන්ධ ගැටලුවක් මෙහිදී ඉස්මතු වී තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය විසින් අදාළ මුදල ගෙවිය යුතු බවට තීරණය කර ඇති බව ද පැවසීය. රටවල් සමග වැඩ කිරීමේදී ප්‍රවේශමෙන් වැඩ කළ යුතුයි,
මෙම ක්‍රියාවලියේ දී යම් වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලිය යුතු නමුත් ඊට පෙර රටවල් දෙකක් අතර ඇතිවීමට යන අර්බුදයට විසඳුම් ලබා දිය යුතුයි. ගිවිසුම් ගතවීමෙන් පසුව යම් වරදක් සිදුවී ඇත්නම් ඒ මුදල ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 6.5 ක් නිසා රටක් සමග අමනාප වෙනවා ද, එසේ නොමැති නම් එය සාමකාමීව විසදා ගන්නවා ද යන්න තීරණය කළ යුතුයි.
රට පුරා සිදුවන ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ පැවැසීය
මෙවැනි සිදුවීම්වලට වගකිවයුතු අයට දඬුවම් ලැබිය යුතු බවයි. එක් ගෑස් සමාගමක සභාපතිවරයකු දුරකථනයටවත් පිළිතුරු නොදෙන බවත්, තනතුරු ගත් අය ඊට අදාළ වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බවත් එසේ නොහැකි නම් ඉල්ලා අස්විය යුතුයි.
මෙම ගැටළුව කඩිනමින් විසඳිය යුතු බවත්, එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමයේදී රට තුළ ගෑස් හිඟයක් ඇති වුවහොත් අදාල සමාගම් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
වයඹ පළාත් සභා සංකීර්ණයේ දී අද පැවති උත්සවයක් අවසානයේ දී , චීන පොහොර සමාගමට මුදල් ගෙවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇමතිවරයා මේ බව පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කරුමෙට දේශපාලනයට ආවාද මන්දා..!
මේ අයගේ අම්මාගේ, අප්පාගේ බූදලෙන් ඕවා ගෙව්වාට අපිට ප්‍රශ්නයක් නෑ.
මොනවාද මේ කතා ඇමතිතුමා..? පොහොර ගෙන්වා අපේ රටේ ඒ ගැන පරීක්ෂාවක් නොකොට එක්වරම ඒවා ගන්නවා කියා පොරොන්දු වී ගෙන්නපු එක නේද වරද? ඒ වරද ගැන කතා නොකරන්නේ ඇයි..? මේ මුදල් ගෙවිය යුත්තේ ඒ ගොන්කම කරපු අයගේ මුදලින්... අනිත් කාරණය, ඔබතුමන්ලාගේ ආණ්ඩුව කාලේ තමයි තවමත් රට වටේ මේ ගෑස් පුපුරන්නේ... ඒවාට ඇයි මෙතරම් දඬුවම් ප්‍රමාද? වරද ඔබතුමන්ලාගේ කල්මැරීම. වෙන මොනවත් එහෙම නෙමෙයි...
රටක් තරහ කරගන්නේ නැතුව අසූචි ටික අපේ රටට බා ගත්තා නම් ඊටත් වඩා හොඳයි..
ඕකට කියන්නේ නිවටකම කියලා.. අපොයි දියසේන කියලා හිටන් පත්කරගෙන තියෙන්නේ සුළුදියසේන කෙනෙක්නේ...
මේ ආණ්ඩුව අපත වැඩ කරන එකේ ඉවරයක් නැහැනේ.
මේ සල්ලි ගෙවන්නේ තමුන්ගේ ගෙදරින් ගෙනැහල්ලා වෙන්න ඇති. ගොන්වැඩ කරලා තව වාචාලකමට කියවනවා. මෙයාටම ආඳන්න ගම්පහත් ඉන්නවා නියම කෙනෙක්. මිනිහා කියනවා බලාගාරය ඇමෙරිකාවට දීම ගැන කැබිනට් කෙටුම්පත කියෙව්වේ නෑලු. වැඩ වැඩි හින්දා... මේ මිනිස්සු එක්ක සෞභාග්‍යය දෝරේ ගලනවා...
අවශ්‍ය නම් හොරකම් කරපු සල්ලි වලින් ගෙවලා දාන්න.
රටේ දේශපාලකයින් ගන්නා වැරදි තීරණවලට අවසානයේ වන්දි ගෙවන්නේ රටේ මහජනතාවයි. පොහොර පිළිබඳව පමණක් නොව, අද රට ණය උගුලක පැටලී ඇත්තේත් දේශපාලකයින්ගේ වැරදි තීරණ නිසයි. මේ තීරණගත් උදවියට කිසි දිනෙක දඬුවම් ලැබෙන්නේ නැහැ. මේ රට කිසිදිනෙක හැදෙන රටක් නොවේ...
මිලියන 6.7ක් කියන්නේ කජු ඇට කොස් ඇට නෙවෙයි... ඩොලර් හලෝ ඩොලර්. දුප්පතුන්ගේ කන්න තියෙන වියදම්... තමුන්ගේ සහ සංචාරකයන්ගේ පිල්ලි ගහපු සල්ලිවලින් ගෙවනවකෝ. අපිට කමක් නැහැ. අඩුමගානේ අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්.. මේ හොරකම් කරපු සල්ලිවලින් රටට සෙතක් වුණාය කියලා.
ගෙන්නන පොහොර වල ගුණාත්මය නෙමයි බැලුවේ ගහන්න පුළුවන් කොමිස් එක ගැනයි මේ හාදයෝ බැලුවේ. අන්තිමට ශාක නිරෝධායනය කෙලින් හිටපු නිසා මේ ජරාව බා ගන්න බැරිවුනා. ඔන්න බලන්න මේ දේශපාලන හාදයෝ ටික දැන් මිනිස්සුන්ගේ කනෙන් රිංගල හිමිට ෂේප් වෙලා යන්න හදන විදිය. රටවල් තරහා වෙන හින්දලු මේ අය කරන පහත් වැඩ වලට අහිංසක ජනතාව වන්දි ගෙවන්න ඕනි. ඔය මොත්තේ දන්න ට්‍රයි කරන එක ලොකුගේ, නාමල් වගේම තව හාදයෙකුත් මාධ්‍ය ඉස්සරහ කළා. රටවල් තරහා වෙන්න පුලුවල් වැඩ වලට අත දාන්න කලින් ඕවා කරපු කරපු මිනිස්සුන්ට ඕවා හිතුනේ නැද්ද? රට මහලොකුවට පාලනය කරන ඇමතියෝ ගොන් බූරුවෝද? උන්ද අපේ ජාතියේ අනාගතයට වගකියන්න ඉන්නේ? ඔය දැන් තව ඉස්සරහට මහ ලොකුවට කරන්න හදන දේවල් වලිනුත් කෙලව ගත්තහම ඔය වගේ ගොන් කතාද මිනිස්සු ඉස්සරහට ඇවිත් දෙසා බාන්න හිතන් ඉන්නේ? ඔය එල්සි ඕපන් කල මිනිහා කවුද ඒ බරපතල හානිය රටට කල වරදට ඔවුන්ට දෙන දඬුවම ගැන නේද කතා කරන්න ඕනි.
අපි පොඩි තැනකින් පටන්ගනිමු.මම දැක්කා පසුගිය දිනක සුව සේවා සේවකයින් දෙදෙනෙක් රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වංචා කරල ඇති බව.එලෙස වංචා කල මුදල් නැවත භාණ්ඩාගාරයෙන් අදාල ආයතනයේ කටයුතු සදහා ගෙවිය යුතුද නැත්නම් අදාල සේවකයින් දෙදෙනාගෙන් අයකල යුතුද කියලා .කියන්න අන්න එයට දෙන පිළිතුර මෙයටත් අදාල වෙනවා
සල්ලි දීල යාලු වෙන ඒවට කියන්නෙ වෙන නමක්.
එතකොට ඒ රටට එහෙම හිතෙන්නේ නැද්ද? අසුචි දීලා සල්ලි ගන්න හදනකොට...
ඇමැතිතුමා ඔය කොමිස්වලින්ද අර හිරියල, ඉබ්බාගමුව පැත්තේ නිධන් හාරන්න ඉඩම් ගත්තේ...?
ලංකාවෙන් කොටසක් ඉල්ලුවත් කියයිනේ රටේ කොටසක් හින්දා රටක් එක්ක තරහා වෙනවද කියලා හිතලා බලන්න ඕනේ කියලා..
නුඹලාගේ කටවල්වලට හෙණ ඉල්ලන මිනිස්සු. දුර දිග බලන්නේ නැතුව ගොන් තීරණ අරගෙන දැන් මෙතන අහිංසක මහජනතාවගේ බදු විදිහට එකතු කරන සල්ලි වලින් පිටරටවල් වලට වන්දි ගෙවනවට...
සල්ලි නිසාද? කොමිස් නිසාද?
මේ වගේ වහල් ඇමතිලා ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ!
මෙයාලාගේ බූදලයෙන් ගෙව්චානං සාධාරණයී
හොඳට කොමිස් ගහන්න පුළුවන් උල්පතක් වහලා දමන්න මොන දේශ පාලුවද කැමති?කොමිස් ගන්න අබ්රි රටවලට ඔය විමල් ,වාසු වැනි පුද්ගලයන් පලු යන්න බනින්නේ එතකොට ඔවුන් තරහා වෙන්නේ නැද්ද ?ලබන චන්දෙදී රොත්ත පිටින් ඔබ සියලු දෙනාම එළවලා දමන්න ඕනේ.එහෙම නැති නම් ලෝකෙම තිබෙන ජහ ජරාව ඕඩර් කරලා වන්දිත් ගෙවයි
මෙහෙමත් ගොන් හරකෙක්,ලැජ්ජ නැතුව උම්බෑ ගානවනේ..
ඇමතිවරු දෙදෙනාගේ මුදල් අවභාවිතය නිසා නිර්මාණය වූ ප්‍රශ්නයකට රටම වන්දි ගෙවන්නේ ඇයි. ඇමතිවරු දෙදෙනාට වගකීම පවරන්න. ගසාකා හම්බකල මුදලින් ගෙවන්න කියන්න.
අපේ රටේ දේශපාලුවන්ට කිසිම අවබෝධයක් නැත. උන් ඉන්නේ ලැබෙන ඩොලර් ටිකක් විනාශ කරන තැනක.
පුදුම ඇමතිලා අපිට ඉන්නේ. හරියට මහජනතාව කියලා ගෙන්න ගත්තු පොහොරද මේ. කොමිස් මුදල ගන්න ඒ කෑදර කමට ඒ ටිකත් පොහොර එන්නට පෙර අරන් සාක්කු පුරවගෙන අහිංසක මහජනතාවගේ බදු මුදල් හිතු හැටියට දෙනවා. අනේ අපි ඔය රටවල් එක්ක යාළුත් නෑ. අපේ රටේ කෑලි දිදී, ඔය යාලුකම් වලින් අපිට වැඩකුත් නෑ. කරුනාකරලා අපේ සල්ලි වලට අත් නොතියා ඔයාලගේ පොකට් වලින් ගෙවන්න. අපිට කමක් නෑ. අපේ ජාතියේ කරුමට පහල උන මෙයාලට ඇයි මේ විශ්වටයත් දඩුවම් නොදෙන්නේ.
මේ ආණ්ඩුවේ ඉන්නෙ කොමිස් කාක්කො...ආණ්ඩුව පත්වුණ දවසේ සිට මොකෙන්ද නොගැහුවෙ.මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතුව රටම අනාත වෙලා තියෙන්නෙ.රට කරන්න පුළුවන් කෙනෙකුට දීල ගෙදර ගියා නම් තමයි හොඳ.
මහා මාර්ග වලින් තව කොමිස් ගන්න නම් චීනාගෙන් තව තව ණය ගන්නට එපැයි