
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහත්වරුන් අතර හටගත් වාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
මෙම උණුසුම් වාදය ඇතිවූයේ විපක්ෂ නායකවරයාගේ නැගණිය ව්‍යාජ මුදල් නෝට්ටු බැංකුවට රැගෙන යෑමක් ගැන චෝදනාවක් එල්ලවූ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.
ඇයට විරුද්ධව එහෙම චෝදනාවක් ආ බවත් ප්‍රේමදාස මහතාගේ දියණිය නිසා තමා ඇය බේරාගත්තේ යැයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එ් අවස්ථාවේදී ප්‍රකාශ කළ බවත් කරුණාරත්න මහතා පැවසීය
නීතිඥ අජිත් පී පෙරේරා මහතා:
විපක්ෂ නායකවරයාගේ සහෝදරිය වින්දිතයා. ඇයට කෙනෙකු වරදක් කරලා අහුවෙනවා. දැන් ඒ පුද්ගලයාට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරලා හිරේ යවලා ඉන්නේ. එ් සිද්ධියට විපක්ෂ නායකවරයාගේ නැගණියට වන්දිත් ගෙව්වා. ඔබතුමාලා ඇමතිලා. මේ වගේ කැත කතා කියන්න එපා. අන්තිම නින්දිතයි
නාමල් කරුණාරත්න මහතා:
චෝදනාවක් තිබුණා කියලා කිව්වේ. ප්‍රේමදාස මහත්තයගේ දුව නිසා ඇය බේරගත්තා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා එයාගේ කටින්ම කියනවා. එහෙම කතාවක් තිබුණා. ඒක ප්‍රසිද්ධ කාරණයක්.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සල්ලි නෝට්ටු කතාවකට නාමල් අජිත් හැප්පෙති