(සුජිත් හේවාජුලිගේ)
විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නවත්වන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
එදින සිට සේලයින් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ කටයුත්ත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක එම නිෂ්පාදන කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.
මේ අනුව රජයේ රෝහල්වලට අවශ්‍ය සියලුම සේලයින් මේ කර්මාන්ත ශාලාවේ නිපදවනු ඇත. එසේම නිපදවෙන සේලයින් කොටසක් විදේශයන්ට අපනයනය කිරීමට ද සැලසුම් කර තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
සේලයින් මිලදී ගැනීම සඳහා විදේශයට ඇදී ගිය රුපියල් කෝටි 50ක් පමණ මුදලක් මේ රටේ ඉතිරි කර කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේලයින් ගන්නත් සල්ලි නැති හැඩයි...!!!
ඊරිසියා කරන්න ඇත්තේ මේ අපේ රටේම ඉන්නවා. පුළුවන් නම් ඒ සේලයින් බෝතල්වලට මොනවා හරි දාලා ලංකාවේ ඒවා හොඳ නෑ. ආයෙමත් රටින් ගේන්න කියලා කියයි. මේ සමහර මිනිස්සු ඒ තරම් අපේ රටට ආදරෙයි...
හොඳ වැඩක්... නියමයි..!!!
ගොඩක් හොඳයි...
මෙහේ නිෂ්පාදනය කරනවා නම් හොඳයි. හැබැයි දැන්ම ඉඳන් ඒක පටන් ගන්න. එහෙම නැතිව මුලින්ම ගෙන්වන එක නවත්තලා ඉවර වෙලා පස්සේ කර්මාන්ත ශාලාව හදන්න පටන් අරන් බඩු එළියට එනකොට මහජනයා මැරිලා ඉඳියි. දැන් පෝර වලට වෙලා තියෙන්නෙ ඒකනේ. උගතුන්, බුද්ධිමතුන් පාලන ක්ෂේත්රයේ හිඟාකමින් රට පහළටම ඇද වැටෙනවා.
ඔය කියන පුද්ගලික සමාගමට කොයි දේශපාලුවාද සම්බන්ධ...?
ඔන්න වැඩ... දැන් ජෙප්පොයි, කඩේ යන අයයි..., පුතාණෝගේ අයයි ඉරිසියාවේ පැලෙන්න ගන්නවා... මේවා මේ අයට ඇස්වලට කටු අනින්නා වගේ...