
(සිසිර අබේකෝන්)
අලව්ව ශක්ති ත්‍රිරෝද රථ සංගමය පසුගිය 21 දා අලව්ව නගරයේ දී සංවිධානය කළ සල්පිල් වෙන්දේසියේ දී පලතුරු වට්ටියක් රුපියල් දාසය ලක්ෂ පන්දාහක මුදලකට වෙන්දේසි වූ බව ශක්ති ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් එච්.ඒ.අනුර හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
ත්‍රිරෝද රථ සංගමයෙහි සාමාජියන් 123 දෙනකු සිටින බවත්, ඔවුන්ගේ උනන්දුව හා උත්සාහය මත මෙවැනි ආධාර උපකාර වලින් සමාජ සත්කාර වැඩසටහන් රැසක් ඉටුකර ඇති බවත් ඔහු කීය.
සල්පිල් වෙන්දේසියෙන් උපයාගත් මුදලින් ප්‍රදේශයේ දුෂ්කර පාසල් දරුවන්ගේ අවශ්‍යතා අනුව පාසල් උපකරණ ඇතුළු වෙනත් පහසුකම් ලබා දීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීය.
විරුදු ශිල්පි අලව්ව චමින්ද කුමාර මහතා මෙම සල්පිල් වෙන්දේසිය මෙහෙයවූ අතර සත්සරණී නාට්‍ය කලා සංගමය නර්ථන රැසක් ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලු සල්ලිද?
මෙහෙව් ගොබ්බ ජනතාවකගේ ඡන්දයෙන් තමයි මේ රට පාලනය වන්නේ කියන ඵක අමතක නොකර සියලු රටවැසියන් මෛත්‍රීයෙන් ඉවසීමෙන් තම එදිනෙදා කටයුතු යහපත් ලෙස කරගෙන යන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!
පිංකමේදී මෙම මුදල පලතුරු වට්ටියකට දෙන්න පුලුවන් ධනවතෙක් සිටීම ගැන සතුටුයි... ඒත් තරහ ගන්න කාරියක් නැහැ. මේ ධනවතාට මුදල් ලැබෙන්නේ ව්‍යාපාර කටයුතු වලින්ද කියලා හොයලා බැලුවා නම් හොදයි...