(විනීතා එම් ගමගේ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී හමුවූ කෲඩියා සිලනිකා ශාකය තම ඉඩමේ රෝපණය කරන්නැයි ඒ ආසන්නයේ පදිංචිකරුවකු වන එම්. අයි. එච්. එස්. මුණසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ල සිටියි.
එම ගස හමුවූයේ තමන් සතුව තිබී අධිවේගී මාර්ගය සඳහා පවරාගත් ඉඩමෙන් බවත් සම්පූර්ණ ඉඩම පවරා නොගත් බවත් තමන් සතු ඉතිරි ඉඩමේ මෙම ගස රෝපණය කිරීම සඳහා ලබා දිය හැකි බවත් මුණසිංහ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.
විධිමත් විද්‍යාත්මක පරික්ෂණයකින් පසු මෙම ගස දැනට පවතින ස්ථානයේ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන බවට තහවුරු වේ නම් එහි එම ගස ආරක්ෂිතව ප්‍රතිරෝපණය කරන්නැයි ද ඔහු ඉල්ලා ඇත.
මෙම ශාඛය එතැනම පවතිද්දී මාර්ගය වෙනත් දිශානතියකට හැරවීම, ගස අයත්වන පරිසර පද්ධතිය හුදකලා කර එය මැදිවන ලෙස අධිවේගී මාර්ගය ඉදිකිරීම හෝ එය ගලවා මුතුරාජවෙල පරිසර භූමියකට ගෙන යාමට දැනට යෝජනා වී ඇති බවත් තමන් ඉදිරිපත් කරන්නේ මේ යෝජනා සියල්ලටම වඩා වියදමින් හා ආරක්ෂිත යෝජනාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ශාඛය එතැනම පවතිද්දී මාර්ගය වෙනත් දිශානතියකට හැරවීමට ඉඩමේ ඉතිරි කොටස මහාමාර්ගය සඳහා ලබා දෙන්න. වසර ගණනාවක් පැරණි විශාල ගස් ඉවත් කිරීම සුදුසු නැතිවාසේම ප්‍රායෝගික නොවන අතර කිසිවකුගේ ගිණුමකට රුපියල් කෝටිගණනක් ලබාදෙන වැඩසටහනකි...
එක්කෝ මුණසිංහ මුක්කුවක් ගැහුවා ප්‍රශ්නයට.. එහෙම නැතිනම්, මුණසිංහට වරප්‍රසාද දෙන මුවාවෙන් ඔහුට කියා මූක්කුවක් ගැස්සෙව්වා. මේ දෙකෙන් එකක් තමයි වුණේ. එසේ නැතිනම්, මේ හදිසියේ මොකක්ද මුණසිංහට හැදුණු රුදාව.. ගස ගලවා නැවත ඉන්දනවාට වඩා හොඳ ගස එසේම තියෙන එක. මුණසිංහට පුළුවන් ගස සිටුවීමට දෙන ඉඩ ප්‍රමාණය ගස එසේම තිබියදී මාර්ගය තම ඉඩමෙන් ඉදිකරවන ලෙස ඉල්ලීමක් කරන්න. සියලු පාරවල් වැසී තිබෙන නිසා නයාට එන්න විදිහක් නැහැ. ඒ නිසා නයා මුණසිංහගේ කරමතින් ආවා. මේ බොළඳ උපක්‍රම වලින් රට රවටනු නොහැකිය. දැන් දැන් ජනතාව බුද්ධිමත්ය.
නියම පරිසර හිතකාමියෙක්... ඔහුට අපේ ප්‍රණාමය. තවත් ශාක විශාල ප්‍රමාණයක් තිබෙන බවත් කියනවා. මෙය ආරක්ෂා කර පාර වෙනස් කරන්න කෝටි 8000ක් යන බවත් කියැවෙනවා. මේ සියල්ල සලකා බලා අවම පාඩුවක් සිදුවන විදියටයි සංවර්ධන වැඩ සාමාන්‍යයෙන් කරන්නේ.
අනේ ඔබට බොහෝම පින්... කන්න ඕනෑ වෙලාවට කබරගොයත්, තලගොයා කරගන්න කාලකණ්ණි හොරු රට පාලනය කරන වෙලාවක. මේ සත් ක්‍රියාවට ඔබට ජාති ජාතිත් පින්. වර්ගය මොකක් වුණත් ඔබ රකින්න යන්නේ මිනිසෙකුට වඩා වටිනා සම්පතක්...
තියන තැනින් ගලවල ඔය වටිනා ගහ ඔය දානපති මහත්තයගෙ ඉඩමෙ හිටෙව්වම බැරි වෙලාවක්වත් ඔය ගහ මැරුනොත් ඒකෙ වගකීම ඔය මහත්තයා බාර ගන්නවද? වග කියන විදිය කොහොමද කියලත් කිව්වොත් හොඳයි නේද? එහෙම නැත්තං මේක බොර දියේ මාලු බෑමක් නෙවෙයිද? පොර වෙන්ඩ ගහන ගැහිල්ලක්ද? ආඳ මාලු ඉරට්ටෙන් කෑමක්ද? අපට නං මේ යෝජනාව අම්මප ප්‍රශ්න පත්තරයක්.
ගෙදර පොළවට කුඹුක් ලී අතුරපු හොර පරිසරවේදියෝ නං කවදාවත් ඔහොම කැප කිරීමක් කරන්නෙ නෑ
ඔය අදහස කියන්න ඔබට ආණ්ඩුවෙන් කියක් දුන්නාද.?ලැජ්ජයි. කොහොමවත් දැන් ඔය ගස හොලවන්න බැහැ. අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඔය කියන ගණන්වලට වඩා මුදල් රටේ දේශපාලුවෝ හොරකම් කරනවා.මේ ගස ගලවලා විනාශකරනකම් සමහර මොලේ අමාරු කාරයින්ට නින්ද යන්නේ නැහැ.
ඔය ගහ දැන් කෝටි ගාණක් වටිනවා. ආණ්ඩුව ලවාම තමන්ගේ වත්තේ පැළකරවන එකේ ප්‍රතිලාභ ගන්න හදනවා වත්ද? මේක තියන තැන තිබුණා නම් හොඳයි. මාර්ග රක්ෂිතයේ මෙතන විවේක ස්ථානයක් හදමු... ඔය ගහ යට ඉඳන් තේ එකක් එහෙම බීලා යන්න.