IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සෙලාන් බැංකුව සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

 

සෙලාන් බැංකුව, 2022 ප්‍රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවතින අතර, ද්‍රවශීලතා මට්ටම ද කාර්තුවේ අවම අනුපාතවලට වඩා වැඩි අගයක පවතී.

දේශීය බැංකු ඒකකය සහ විදේශ බැංකු ඒකකය සඳහා බැංකුවේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත පිළිවෙළින් සියයට 23.32 සහ සියයට 22.65 සියයට වේ. එමෙන්ම අදාළ කාර්තුව තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 6.8 ක් වන අතර, එය සියයට 22.51 ක වර්ධනයකි.  

පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 7.5 ක මෙහෙයුම් ආදායමට සාපේක්ෂව, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සෙලාන් බැංකුවේ මෙහෙයුම් ආදායම සියයට 21.80 කින් වර්ධනය වී, රු. බිලියන 9.1 ක් ලෙස වාර්තා වී තිබේ. ප්‍රධාන වශයෙන් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවලින් ලැබූ ශුද්ධ ආදායම වර්ධනය වීම නිසා, 2022 පළමු කාර්තුව තුළ වෙළඳ කටයුතුවලින් බැංකුව ලැබූ ශුද්ධ ආදායම රු. බිලියන 3.6 ක් ලෙස වාර්තා වී ඇත.

කාඩ්පත් සම්බන්ධ ආදායම, වෙළඳ මූල්‍ය කටයුතු සම්බන්ධ ගාස්තු සහ, කොමිස් ආදායම හා විද්‍යුත් බැංකු කරණය වැනි අනෙකුත් මූල්‍ය සේවා ආශ්‍රිත ආදායම්වල වර්ධනය හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. බිලියන 1.157 සිට රු. බිලියන 1.437 දක්වා සියයට 24.20 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේ ය. බැංකුව නිකුත් කර ඇති ණය සහ අත්තිකාරම් එකතුව 2022 ප්‍රථම කාර්තුව තුළ රු. බිලියන 462.1 දක්වා සියයට4.56 කින් වර්ධනය වීම හරහා ද මුදලේ අගය අවප්‍රමාණය වීමෙන් සිදු වූ වර්ධනය නිරූපණය කරයි. කාලීන ණය, බැංකු අයිරා සහ අපනයනකරුවන්ට ලබාදෙන ණය (Packing Credits), ලබාදුන් ණය ප්‍රමාණයෙහි වර්ධනයට මූලික වශයෙන් හේතු විය. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ බැංකුවේ තැන්පතු පදනම රු. බිලියන 515.6 දක්වා සියයට5.55  කින් වර්ධනය වූ අතර, බැංකුවේ ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය සියයට 34.24 කි.

2022 පළමු කාර්තුවේ කාර්ය සාධනය පිළිබඳව සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය, “මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව දැවැන්ත කැළඹීම්වලට මුහුණ දුන්නා. පෙර නොවූවිරූ අර්බුදයක් හමුවේ රට කිසියම් ආකාරයක ස්ථාවරත්වයක් අපේක්ෂාවෙන් පසුවන මේ මොහොතේ, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අපගේ වර්ධන ප්‍රවණතාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 643.1 දක්වා වර්ධනය වුණා. මෙය 2021 දෙසැම්බර් 31 දිනට සාපේක්ෂව සියයට 5.85%ක වර්ධනයක්. බැංකුවේ සියලු කටයුතු ආවරණය වන පරිදි කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේද සහ ස්වයංක්‍රීයකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින්, වියදම් ඉහළ යාම අවම මට්ටමක පවත්වා ගැනීමට අපට හැකි වුණා. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ උපරිම කාර්යක්ෂමතාවක් සාක්ෂාත් කරගැනීමට හැකි වන ආකාරයට රාජකාරි කළ හැකි ක්‍රම හඳුනාගෙන ක්‍රියාවට නංවමින් මනා ආදර්ශයක් ලබාදීමට සමත් වීම පිළිබඳව සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයට කාගේත් ප්‍රශංසාව හිමි විය යුතුයි”.

මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව සඳහා හිමිකම් මත ප්‍රතිලාභය සියයට 8.18% ක් වන අතර, එය 2021 වසරේදී අදාළ කාලසීමාව තුළ වාර්තා වූයේ සියයට 9.07 ක් වශයෙනි. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය 2022 ප්‍රථම කාර්තුව තුළ සියයට 0.94% ක් ලෙස වාර්තා වී තිබේ. කොටසක් සඳහා ඉපැයුම මෙම කාලසීමාව තුළ රු. 1.82 ක් වන අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ රු. 1.74 ට සාපේක්ෂව සුළු වර්ධනයකි. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 88.31 ක් විය (සමූහයේ මෙම අගය රු. 91.46 කි).

2022 ප්‍රථම කාර්තුව තුළ ප්‍රමාණවත් ප්‍රාග්ධන පදනමක් බැංකුව සතු වූ අතර, එහි ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත අවම නියාමන මට්ටම්වලට වඩා ඉහළින් පැවතිණි. බැංකුවේ ප්‍රථම පෙළ පොදු ස්කන්ධය (CET 1) සහ ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය සියයට 9.78ක් වූ අතර, 2022 මාර්තු අවසානය වන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 12.78 ක් විය.

ඡායාරූප:

සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස්


සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න

595



අදහස් (1)

සෙලාන් බැංකුව සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

Himali Tuesday, 05 July 2022 03:04 PM

ඉදිකිරීම් අංශයට ලබා දී ඇති සියළු ණය කපා හරින්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 26 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 15 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 119 1

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 287 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 119 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4090 9

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site