IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෙලාන් බැංකුව Rodha විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගනී

සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය මගින්, Rodha Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී දේශීය ප්‍රවාහන විසඳුම් සමාගමක් බවට පත්වීම සඳහා දරන උත්සාහයේදී ඔවුන්ට ඉහළම තලයේ බැංකු සේවා ඇතුළුව ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ඇති හැකියාව අනුව, එම ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව සෙලාන් බැංකුවේ විශ්වාසයයි.

‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ ඔවුන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛතම අවධානයක් යොමු වී තිබෙනවා. COVID -19 කාලසීමාව තුළ මෙම ව්‍යාපාර කාණ්ඩයට සහය වීම සඳහා පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ තුන්වැනියට විශාලතම දායකත්වය ලබාදුන්නේ සෙලාන් බැංකුවයි. මේ ක්ෂේත්‍ර වෙනුවෙන් අප ආරම්භ කළ ව්‍යාපෘති තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. Rodha සමග ඇතිකරගත් හවුල්කාරීත්වය අපට විශේෂ සන්ධිස්ථානයක්. අපගේ හවුල්කරුවන්ගේ ඉදිරි ගමන තුළ ඔවුන් තනි නොකරන බවට අප ලබා දී ඇති පොරොන්දුව එමගින් නැවත වරක් අවධාරණය කෙරෙනවා. ඔබගේ බැංකුව ලෙස, ඔබගේ සැබෑ හැකියාවන් මතුකර ගැනීම සඳහා ඔබට සහය වීමට අප සූදානම්. බාධාවට අභියෝග කරමින් ඉදිරියට යන ඔබේ ආකල්පවලට අප ගරු කරනවා. ඔබගේ උත්සාහයට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ සහයෝගයක් ඔබට ලබාදීමට අප සූදානම්. සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය.

සෙලාන් බැංකුව නිල බැංකු හවුල්කරු ලෙස Rhoda සමග ගිවිසුමකට එළඹීම හුදෙක් මූල්‍ය පහසුකම් සැපයීමක් පමණක් නොව, බැංකුවේ සම්බන්ධතා ජාලය සහ හවුල්කරුවන් හරහා තවත් බොහෝ අවස්ථා උදාකර දී තිබේ. Point of sale (pos) යන්ත්‍ර, මාර්ගගත ගෙවීම් සඳහා අන්තර්ජාල ගෙවීම් ද්වාර සහ මුදල් එකතු කිරීමේ ගිණුම් ඇතුළුව, සමාගමේ ව්‍යාපාර කටයුතු පහසු හා කාර්යක්ෂම කරගැනීමට උපකාරී වන සේවාවන් රැසක් මේ යටතේ සෙලාන් බැංකුව වෙතින් හිමිවනු ඇත. එමෙන්ම Rodha  නිෂ්පාදන අලෙවිය වැඩි කිරීම සඳහා පොලී රහිතව වාරික වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථා සහ පෞද්ගලික ණය පහසුකම් ඇතුළු සේවාවන් පිරිනැමීමටද සෙලාන් බැංකුව සැලසුම් කර තිබේ. මීට අමතරව, සෙලාන් බැංකුවේ අන්තර්ජාල සහ අන්තර්ජාල නොවන මාධ්‍ය හැකියාවන් ආදිය ඔස්සේ නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා Rodha වෙත බැංකුවේ සම්බන්ධතා ජාලය විවෘත වනු ඇත.

595



අදහස් (0)

සෙලාන් බැංකුව Rodha විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site