(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු යයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)කපිල කුමාරසිංහ මහතා පවසයි.
මේ මාර්ගෝපදේශ මාලාවට අනුව රට පුරා සියලු බලපත්‍ර ලත් ස්ථාන(වයින් ස්ටෝර්ස්)නියමිත වේලාවන්හි පමණක් විවෘත කළ යුතු වෙයි.
එසේම විදේශ මත්පැන් තැබෑරුම් හා රා තැබෑරුම්,හෝටල් පීඨිකා බලපත්‍ර,සිනමා ශාලා බලපත්‍ර,ආපන ශාලා බලපත්‍ර හා සමාජ ශාලා බලපත්‍ර ලත් ස්ථාන නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකළ යුතු බවත් හෝටල් බලපත්‍ර නේවාසික සංචාරකයින්ගේ පහසුව සඳහා රාත්‍රී 10 දක්වා පමණක් ක්‍රියාත්මක කළ යුතු බවත් එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ .
තානායම් බලපත්‍රද රාත්‍රී 10 දක්වා පමණක් ක්‍රියාත්මක කළ යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදිම ගෙවල් වලටත් මාර්ග උපදේශන හදන් කොරෝනා බොරුව යන දුරක්