
(අංජුල මහික වීරරත්න)
සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් කටයුතු කළ වයි. ජී.ඥානතිලක මහතා 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා වන එන්.කේ. යූ.රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නාකමට අහන්නේ ඇයි ඔය තනතුරට සර්වේයර් ජෙනරාල් කියන්නේ ඊළගට පළාත් කාර්‍යාලයේ ලොක්කා නියෝජ්‍ය (සිංහල වචනයක්) සර්වේයර් ජෙනරාල් (ඉංග්‍රීසි වචන දෙකක්) වෙනවා. ඔය තනතුරට සිංහල නමක් නැද්ද? තිබේ නම් ඔවුන්ට ඒක පිළිකුල්ද? දන්න කෙනෙක් කියන්න එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව පැය 24 න් සිංහල කරද්දී හදපු පාරිභාෂික ශබ්ද කෝෂයට වචනයක් දාන්න බැරිවෙලාද?
මිනුම්පති හෝ මැනුම්පති කියලා නමක් තියෙනවා.