(නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමෝ දෙවැනි වරටත් අද (16) පැය 08කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්හ.
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (16) පෙරවරු 9.45 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී බවත්, පසුව සිය ප්‍රකාශය ලබාදීමෙන් පසු අද (16) සවස 6.30ට පමණ ඉන් පිටත්ව ගිය බවත් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් සඳහන් කළේය.
මේ අවස්ථාවේදී සිද්ධියට අදාළව පියතුමන්ගේ ප්‍රකාශ ලබාගැනීම අවසන් වුවත්, අවශ්‍ය වුවහොත් නැවතත් ප්‍රකාශ සටහන් කර ගැනීමට පියතුමන් කැඳවීමට සිදුවනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධියට අදාළව පියතුමන් ඊයේ (15) දිනයේදී ද පැය 08කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදී තිබිණී.
තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබුවේ ඉකුත් නොවැම්බර් 02 වෙනිදා ය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ඉකුත් 08 වෙනිදා සළකා බලනු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් තමන් අපකීර්තියට පත්කිරීමේ අරමුණීන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 25 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තව දවස් 10ක් විතර රස්තියාදු කරලා මාස තුනක් ඇතුලේ තියාගන්න කොන්ත්‍රාත්තුව දීපු කෙනාගේ නම කියනකන්...
මේ යන විදියට කුලපතිකමක් වගේ දේකට කැමති කරවාගෙන වැඩේ සමතයකට පත්කර ගනී වගේ.?
අති ගරු සිරිල් ගාමිණී හිමියනී,, ඔවුන් සිදුකල කල ඒ සාහසික ප්‍රහාරය පිළිබද ඔබ තුමා විසින් ප්‍රකාශ කල නිසා තමයි මහා මොළකරුවන් මේ කුපිත වී සිටින්නේ. ප්‍රහාරය පිලිබදව සියලු තොරතුරු ලැබී තිබුනත් එය වලක්වා නොගත්තේ කාගේ උවමනාවටද? ප්‍රහාරකයින්ට බෝම්බ තාක්ෂනය සැපයුවේ කවුද? ඒ සඳහා සහරාන්ලාට මෙන් ප්‍රහාරය දැන දැනම වලක්වා නොගත් පුද්ගලයින්ට මහමොලකරුවන් විසින් කොතරම් මුදලක් ගෙවන්න ඇද්ද? දැන් මේ ප්‍රහාරය කරපු අය සුදනෝ වෙලා ඒ ගැන කතා කරන අයනේ දුදනෝ වෙලා තියෙන්නේ? බලමුකෝ නීතියට වඩා විශ්ව ධර්මය ගොඩක් බලවත්. විනාශයට කලින් ඔවුන් නාඩගම් නටයි. ගණන් ගන්න එපා අපි ඔබ වහන්සේ සමගයි.
බල තණ්හාව වෙනුවෙන් ඕනෑම වැඩක් කරන දූෂිත දේසපාලුවන්ට මොනවද කරන්ඩ බැරි.
පියතුමනි මම බෞද්ධයෙක්. ඔබ වහ්න්සේ ඔබේ අරගලය කරන්න. ඒ, මියගිය, අසරණ වුනු හැම දෙනාම වෙනුවෙන් ලංකාවේ සැබෑ බෞද්ධයෝ පෙනි සිටිනවා.
මෙය වතිකානුව හරහා ජාත්‍යන්තරයට ගෙන යායුතුයි. මේ රටේ මේක වහනවා මහ මොලකාරයා අහුවෙයි කියල බයේ.
කාදිනල් සිහිනය බොඳ වෙයි වගේ.
වින්දිතයන් වරදකරුවන් කිරීමට හැකි හා වරදකරුවන් පැමිණිලි පාර්ශවය කළ හැකි ක්‍රමයක් සෑදූ බුද්ධිමතුන් හා වියතුන්ගෙන් සැදුම්ලත් හෘද සාක්ෂිය විකෘතිවූ ලෝකයේ රට කුමක්ද?
ලෝක කතෝලික සභාව එක්ක පටලවාගත්තොත් සර්ලට මවු රටට යන්නත් බැරි වෙනවා .මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී , වැනි තත්වයකට අපේ සර්ලා පත් වෙලා
කවදා හරි දවසක ඇත්ත එළියට එනවා නියතයි. එවිට පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සාධාරණය ඉටු වනු ඇත.. එතෙක් අපි අපේ කතෝලික පල්ලිය සමඟ කිසිදු බාධාවකින් තොරව එකට සිටිය යුතුයි.
චමින්ද මොකක්ද සිරිල් ගාමිණි පියතුමා කරන අරගලය? ඔබත් ත්රුමක් ඇතුවද කතා කොරන්නේ? පියතුමා රජයේ නිලදාරියෙකුට චෝදනාවක් කර තිබෙනවා. ඒ චෝදනාව ගැන ඒ නිලධාරියා අපරාද විමර්ශන කොට්ටාසයට පැමිණිලි කර තිබෙනවා.