(රංජන් කස්තුරි)
ලංකා විදූලිබල මණ්ඩලය රජයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව නව කොන්දේසි පනවා පියස මත ඉදිකරන සූර්යබල ව්‍යාපෘති අඩපන කිරීමේ කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංවිධානය චෝදනා කරයි.
ලංකා විදුලි බල මණ්ඩලය අප්‍රේල් මස 8 වැනි දින චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛනය අනුව අනුව අප්‍රේල් මාසයෙන් පසුව කර්මාන්ත ශාලාවක සංචාරක හෝටලයක හෝ කාර්යාල ගොඩනැගිල්ලක පියස මත ඉදිකිරීමට යෝජිත සූර්ය බල පද්ධතියේ ධාරිතාවය නිර්ණය කරන්නේ එම පරිශ්‍රය විසින් පසුගිය මාස හය ඇතුළත එක් විදුලි බිලක් තුළ වැය කළ වැඩිම කිලෝවොට් ඒකක ප්‍රමාණයට බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට විනකරන විදුලි මාෆියාව
ගසා කන්න ක්‍රමයක් හොයනවා ඇති
ග්‍රවුන්ඩ් මවුන්ටින් ක්‍රමය ලොකු අසාධාරණ ව්‍යාපෘතියක්... සමහර ට්‍රාන්ස්ෆෝමර්ස් වෙන්කරලා තියනවා ඒ ස්ථාන වල පර්ච් එකක මිල ලක්ශ දෙකකටත් වැඩියි.. ඉතින් ලක්ශ 80කට වැඩි මුදලක් සෝලාර් එක සඳහාත් වියදම් වෙනවා. ඒ ස්තානවල නිකමට හිතන්න පර්ච් 40ක ඉඩමක් ගත්තොත් ඉඩමේ වටිනාකම ලක්ශ 80ක් විතර වෙනවා. අවුරුදු 20කින් වත් බෑ නේද ගියපු වියදම් ලබා ලාබයක් ලබන්න. ඇයි වහල මත ඒ ස්තාන වල සෝලාර් සවිකර මිනිස්සුන්ට තිබූ සහනය නැති කරන්නේ මෙහෙමයි... මේ පිළිබඳ අවධානය යොමු කරන්න.