(රංජන් කස්තුරි)
විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී හැකිතරම් සුළං හා සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමැතිවරයා අද (23) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් කාදිනල්තුමන් බැහැ දුටු අවස්ථාවේ කාදිනල්තුමෝ එම ඉල්ලීම කළහ.
ගල්අගුරු, පොසිල ඉන්ධන වැනි බලශක්ති මුලාශ්‍ර නිසා රටේ පරිසරයට විශාල හානියක් සිදුවන බවද ඕසෝන් ස්ථරයට මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය තත්වයට ද එහි අහිතකර බලපෑම් ඇති වන බව කාදිනල්තුමෝ පැවසුහ.
මෙරට බලශක්ති අවශ්යාතාවයෙන් 70% ක්ම හරිත බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීමේ වැඩපිළිවෙළ ලබනවසරේ සිට ආරම්භ කරන බවද එහිදී ඇමැතිවරයා කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුර්ය බලයෙන් විදුලිය උත්පාදනය කොතෙක් දුරට සාර්ථකද කියල මිනිසුන් දැනුවත් කලයුතුයි. ලංකාවේ දැනට එවැනි පුද්ගලික ආයතන 250ක් පමණ තියනවා . එයිනුත් මහාපරිමාණ හා කුඩා යන දෙපිරිසම මේ සදහා යොදාගතහැකියි .සාමාන්‍ය නිවසකට නම් සුර්ය පැනල මගින් අදාල ඒකක ප්‍රමාණය උත්පාදනය කරගත හැකියි. වැයවන ඒකක ප්‍රමාණය වගේම වැඩි ඒකක ප්‍රමාණය රජයට දීමෙන් අදායමක් උපයගන්නටත් පුළුවන්. ඒ සදහා රජයේ දැනට ක්‍රියාත්මකවන 8% ණය ක්‍රමවේදයක් ද පවතියි.
සුර්ය බල ශක්තිය භාවිතය එජාප ආණ්ඩුවේ විදුලි ඇමති විසින් නැවත දැමුවනේ. දැන්වත් එය නිවැරදි කරන්න. සුළං බල ශක්තියත් භාවිත කළ හැකි තැන් වලදී ඒ සදහා ජනතාවට අනුබල දෙන්න. පරිසරයට හානිදායක ජල විදුලියෙන් එලියට එන්න.
ඔය ඇමති දන්නවද පරිසරයේ ඇති වැදගත්කම? මම නම් හිතන්නේ නැහැ ඔවුන් දන්නවා කියලා. ඔච්චර නටන්න ඕනේ නැහැ පසුගිය දිනවල අපේ මහාචාර්යවරයෙක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ එතුමා සොයාගත්ත සුළං බලයෙන් මුළු රටටම විදුලිය දෙන්න පුළුවන් ක්‍රමවේදයක් එතුමා කිව්වේ.. මුලදී ටිකක් වියදම් කරන්න වෙයි. පසුව කිසිම වියදමක් නැතුව සුළං බලයෙන් රටම බබළවන්න පුළුවන් කවුද හෙව්වේ..? කොමිස් එකට මොකද වෙන්නේ එහෙම වුණොත් කෝ බලමු අපේ ජනාධිපතිතුමන්වත්... එතුමාව ගෙන්වලා විමසාවිද කියලා..
ඔබවහන්සේ මෙහෙම කිව්වම අපේ කට්ටිය බලයට එන්නේ ඉන්න ටිකේ පුළුවන් තරම් කොමිස් ගන්න. මේවගේ පුනර්ජනනීය බලශක්ති වලින් ගන්න පුළුවන් කොමිස් බොහොම අඩුයි.. ඩීසල්, ගල් අගුරු, පුද්ගලික ජලවිදුලි බලාගාර එක්ක බලනකොට... එ්ක නිසා බලයට අාවම මේවා කරනවා වගේ පෙන්නලා හදිසි මිලදීගැනීම් කියලා අවුරුදු 5ක් හරියන්න කොමිස් එක කඩාගන්නවා.
දැන් මෙතුමාගේ ආගමික සේවාව ඉවරද? දැන් කරන්නේ අාර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන හා කඩේයාමද? මෙයත් තව දේශපාලන වෙන්න හදනවා මෙච්චර කල් ගෞරවයක් තිබුණු කතෝලික ආගමත් මේ කුණුගොඩට අැදලා දාන්න වගේ මෙයා හදන්නේ...
මේ තැනැත්තන්ට අගමැතිකමේ වැඩේ බාරදුන්නා නම් මොකද?
සෝලා පැනල් සහනදායි ක්‍රමයට මහජනතාවට ලබාදීමට බලධාරීන් ක්‍රියාකළ යුතුයි.
දැන් අපේ රටේ හැම ආගමකම පූජකයෝ කන බොනදේ ගැන බුද්ධි සේවා ගැන විකල්ප බලශක්ති ගැන දේශනා දෙනවා... හරිම අගෙයි. ඔය ආගම්වල තියෙන බොරු අතෑරලා ටික වෙලාවකට හරි සැබෑ ලෝකේ දිහා බලන එකත් ඉතින් වටිනවා.
ආණ්ඩුවේ ඉහළම උපදේශක තනතුරකට උන්නාන්සේ සුදුසුයි කියලයි පෙනෙන්නේ.