IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සිරිපා සමය අරඹන්න කලින් විදුලි රැහැන් අලුත් කරයි

(රංජිත් රාජපක්ෂ)

2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව තකා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආරම්භ කෙරිණි.

එම මාර්ගයේ ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියට අකුණු සැර නොවදින සේ අලුත් තාක්ෂණ උපකරණ සවි කිරිමටත් කැඩී ගොස් ඇති විදුලි කණු සහ උපාංග වෙනුවට අලුතින් සවි කිරිමේ කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් 02 ප්‍රධාන ඉංජිනේරු බෙදාහැරීම් සහ නඩත්තු ඉංජිනේරු එම්.අයි.රිම්ශාඩ් මහතා කියා සිටියේය.

මෙම නඩත්තු කටයුතු සදහා නුවරඑලිය, ගිනිගත්හේන, කෑගල්ල, පේරාදෙණිය යන වැඩ ඒකක වල සේවකයින් 80 දෙනෙකු පමණ සහභාගි කර ගත් බවත්, 2025-2026 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක් එම විදුලිය ලබා දිමේ නඩත්තු කටයුතු සිදු කරන බවයි එම්.අයි.රිම්ශාඩ් මහතා පැවසීය.

 



අදහස් (0)

සිරිපා සමය අරඹන්න කලින් විදුලි රැහැන් අලුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 233 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site