
(අජිත්ලාල් ශාන්ත උදය)
මෙවර (2025/26) සිරිපා වන්දනා වාරය 04දා ට යෙදෙන උදුවප් පුරපොහොය දිනයෙන් ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
ආවාර සමයේ සුමන සමන් දෙව්රුව, පූජා භාණ්ඩ, සධාතුක කරඩු පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාර භූමියේ පිහිටි සුමනසමන් දේවාලයේ ආරක්ෂිත කුටියක තැන්පත් කර ඇත . එම පූජා භාණ්ඩ 02දා සිට පසුදා පහන්වනතුරු බැතිමතුන්ගේ පුජෝපහාර සදහා දේවමාලිගාවේ දැකුම් මණ්ඩපයේ තැන්පත් කරන බව ශ්‍රි පාදස්ථානාධ්පති බෙංගමුවේ ධම්මදින්න නාහිම්පානන්වහන්සේ පැවසූහ.
මීට සමගාමීව සධාතුක කරඩුව උදෙසා බුද්ධාභිෂේක මංගල්‍ය ද සුමන සමන් දෙවියන් වෙනුවෙන්.මුරුතැන් සහිත දේවාභිෂේක මංගල්‍ය ද සිදුවේ..බැතිමතුන්ට බාරහාර ඔප්පුකිරීම හා පුදපූජා පැවැත්වීමට දෙසැම්බර් 2 දා පස්වරුවේ සිට පසුදා පහන්වනතුරු පහසුකම් සලසා ඇති බව ද උන්වහන්සේ කීහ.
පසුදා එනම් 03දා පාන්දර මාර්ග හතරක් ඔස්සේ මෙම දේව ප්‍ර්‍රතිමා, සධාතුක කරඩු සහ පූජා භාණ්ඩ රියපෙරහරින්රි නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානය, ශ්‍රී පලාබද්දල සහ එරත්න වර්ණගල දක්වා වැඩම කරවනු ලබයි. එම ස්ථානවල සිට පාගමනින් පූජා භාණ්ඩ සිරිපා මලුව කරා වැඩම කරවීමට නියමිත ය.
එ අනුව මුලින්ම රත්නපුර ,කුරුවිට , ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කරවනැල්ල, ගිනිගත්හේන, හැටන්, හරහා නල්ලතන්නිය දක්වා ගමන් කරන රිය පෙරහර පැල්මඩුල්ලෙන් පිටත් වෙයි. ඉන්පසු බලංගොඩ, මාරතැන්න, නෝර්වූඩ් හරහා නල්ලතන්නිය දක්වා යන රිය පෙරහර පිටත් වෙයි.
රත්නපුර ශ්‍රී පලාබද්දල සහ කුරුවිට, එරත්න මාර්ග දෙකෙන් යන පෙරහර එක් පෙරහරක් ලෙස පැල්මඩුල්ලෙන් පිටත්ව රත්නපුර නගරය ඔස්සේ රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කරයි. සමන් දේවාලයේ පූජා තැබීමෙන් පසු එම පෙරහර ද දෙකට බෙදී ගමන් කරයි.
ශ්‍රී පලාබද්දල දක්වා ගමන් කරන පෙරහර කැටලියන්පල්ල, රත්නපුර නව නගරය , මොරගහය හන්දිය ඔස්සේ නැවත රත්නපුර නගරය ට පැමිණ මල්වල, ගිලීමලේ හරහා ශ්‍රී පලාබද්දල දක්වා රිය පෙරහර ගමන් කරයි. එතැන් සිට එම පෙරහර පාගමනින් සිරිපා මලුව කරා ගමන් කරයි .
සමන් දේවාලයේ දී වෙන්වන කුරුවිට මාර්ගයේ යන පෙරහර පානදුර පාර ඔස්සේ කහංගම හරහා ගොරකඇල හන්දිය දක්වා ගමන් කරයි . එතැනින් හල්පේ, පාතගම, ගෝණපිටිය කුරුවිට , සූදාගල, බටතොට, ලස්සකන්ද හන්දිය , එරත්න, අඩවිකන්ද ඔස්සේ වර්ණගල දක්වා ගමන් කරයි . එතැන්සිට පාගමින් පෙරහර සිරිපා මලුව කරා ගමන් කරයි .
මෙවරත් පාගමනින් දේවරූපය, දේවාභරණ වැඩම කරවීමට යුද හමුදා කණ්ඩායම් සූදානම් කර ඇත .
මේ සියලු පෙරහර, 04දා (උදුවප් පොහෝ දින) අලුයමට පෙර සිරිපා මලුව කරා වැඩම කරවීමට නියමිත ය. ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිරිපා පද්මය සුවද පැනින් සහ කහ දියරින් දෝවනය කර ප්‍රථම පූජාව පවත්වනු ලබයි. දේවරූප සහ පූජා භාණ්ඩ සිරිපා මලුවේ සමන් දේවාලයේ තැන්පත් කිරීම ට ද නියමිතය .
එතැන් පටන් 2025/26 සිරිපා වන්දනා වාරය ආරම්භ වෙයි. එය 2026 වෙසක් පොහොය දක්වා පැවැත්වෙයි .
2025 දෙසැම්බර් මස 04
215
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරිපා වන්දනා වාරය ඇරඹේ
namal baby Monday, 01 December 2025 07:41 PM
කුණාටු ඇවිත් වැහැලා ගංවතුර ගලල, නාය ගිහින් මිනිස්සු, සත්තු පණ පිටින් වැලලිලා මැරෙනකොට, අහිංසක මිනිස්සු අමාරුවෙන් හම්බ කරගත්ත දේවල් විනාශ වෙනකොට සුමන සමන් (දෙයියො) සීතල හින්ද දිව්‍යාංගනාවො එක්ක කුදහගෙන ඉන්න ඇති නේද...