
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුරුපී කාන්තාවක් කඩුවෙල කෝටිපති ව්‍යාපාරිකයකු ඉංගිරියෙ හෝටලයකට ගෙන්වා මත් දියරයක් බොන්නට දී සිහිසුන් වූ පසු ඔහු සතුව තිබූ පවුම් 39 බර රන් ආභරණ සොරාගෙන ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන්ම පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයාගේ එම මෝටර් රථය ඉංගිරිය අරකාවිල ප්‍රදේශයේ දමාගොස් තිබියදි සොයාගත් බව ද පොලිසිය කියයි.
එම මෝටර් රථයේ රුපියල් ලක්ෂ 19ක මුදලක් තිබී ඇතත් එම මුදල් කොල්ලකාරියට අසුවී නොමැති බව ද පොලිසිය පවසයි.
සොරා ගත් රන් භාණ්ඩ අතර පවුම් 25ක් බර රත්තරන් මාලයක් ,මැණික් ගලක් අල්ලන ලද පවුම් 6 ක් බර මුද්දක් හා මැණික් ගලක් අල්ලන ලද පවුම් 8 බර පෙන්ඩන් එකක්ද වන බව පොලිසිය කියයි.
සුඛෝපභෝගී මෝටර් රථයකින් කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයකු කාමරයේ ඇඳක් මත සිහිසුන්ව වැතිරී සිටින බවට ඉංගිරිය පාදුක්ක මාර්ගයේ හෝටලයක කළමනාකරුගෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම හෝටලය කරා ගොස් එම පුද්ගලයාව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි
හෝටලයේ කළමනාකරු සහ සේවකයන්ගේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී එකී කාන්තාව පමණක් මෝටර් රථයෙන් පිටව ගිය බවට දැනගන්නට ලැබුණු බව පොලීසිය කියයි
රෝහල්ගත කළ එම පුද්ගලයා ට සිහිය ලැබීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකු ලබාදුන් දුරකථන අංකයක් අනුව කාන්තාව දිනකට පෙර දැන හඳුනා ගත් බවත් තමන් පැළඳ සිටි පවුම් 39 ක් බර රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බවත් තමන් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය ද නොමැති බවත් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.
අදාල හෝටලේ ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා හෝටලයේ ආලින්දයේ වාඩිවී කතා බස් කරමින් යමක් පානය කරන අයුරු සටහන්ව තිබෙන අයුරුත් මද වේලාවක් තුළදී කාන්තාව ව්‍යාපාරිකයා ව වත්තන් කරගෙන කාමරයක් තුළට ඇතුළු වන අයුරු සටහන්ව ඇත. ඉන් මද වේලාවකට පසු කාන්තාව පමණක් කාමරයෙන් පිටවෙන අයුරුත් එම කැමරාවේ සටහන් වී තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා දියට බහින්න එපා කියන්නෙ ඕකනෙ
ටෙලි නිළියක්ද කියලා හොයලා බලන්න...?
ඔය තියෙන්නේ කාමයෙහි වරදවා හැසිරීමේ පල විපාක. පොලිසිය මෙවැනි මිනිසුන්ගේ අමනකම් වලට කාලය නාස්ති නොකළ යුතුයි.
වල්කමේ යනඋන්ට ඔහොම වෙලා මදි…!
සුරූපිනිය දැක්කාම කාගෙන් හරි ණයක් ඉල්ලන් එන්න ඇති.. යස වැඩේ ඔය වගේ නොහොඹිනා වැඩ කරනවට...!