(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා මැති සබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.
වීරසේකර මහතා කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා හමුදාව නින්දිත ලෙස පාවා දෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවට චෝදනා කළේය.දෙදෙනා අතර එම බහින් බස්වීම ඇතිවූයේ මේ අවස්ථාවේ දීය.
හමුදාවේ සිටි අයකු ලෙස එවැනි ප්‍රකාශ නිකුත් කිරිම ගැටලු සහගත යැයි ද වීරසේකර මහතා මෙහිදී කීය.
මේ දෙදෙනා අතර එහිදී ඇති වූ සංවාදය මෙසේ ය.
සරත් වීරසේකර මහතා:
මිරිසුවිල් සිද්ධියේදී සුනිල් රත්නායක රණවිරුවාට නිදහස දුන් එක සම්පූර්ණයෙන්ම වැරදි යයි ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළා.ඒ චෝදනා ලැබූ සෙබළුන් සියලු දෙනා හිරේ දැමිය යුතුයැයි ඔහු පැවසුවා.
(මේ අවස්ථාවේ දී සරත් ෆොන්සේකා මහතා කතා කිරීමට නැගිටියි)
වීරසේකර මහතා:
ඔබතුමා ඉන්න මම කතා කරල ඉවර වෙනකන්.පොඉන්ට් ඔෆ් ඕඩර් එකක් මෙතන නෑ.
සරත් ෆොන්සේකා මහතා :
යුද්දෙ කළා කියලා රණවිරුවෝ කියලා මිනී මරන්න බැහැ .මිනී මැරුවා නම් කවුරු වුණත් හිරේ යන්න ඕන.කරන්නාගොඩ කළත් තමුන්නාන්සෙ කළත් නීතිය කාටත් එකයි .මම කියපු දේ හමුදාව පාවා දීමක් නොවෙයි .
වීරසේකර මහතා:
තමුන්නාන්සේ දන්නෙ නැති දේවල් කතා කතාකරන්න එපා.බොරුවට නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා .යුද අපරාධ කළා නම්හරි .කරපු නැති දේවල් මෙතන කියන්න එපා.තමුසේ වීරයෙක් වෙන්න හදන්න එපා .
( ෆොන්සේකා මහතා මහ හඬින් කෑ ගසයි.)
වීරසේකර මහතා:
දෙමළ සන්ධානයට ඕනෑ විදියට ඩයස්පෝරාවට ඕන විදියට ගහෙන් ගෙඩි එන්නා වාගේ මේ වගේ ප්‍රකාශ තමුන්නාන්සේ කරන්නේ ඩොලර් වලටයි .පහුගිය ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේ ඩොලර් කෝටි එකහමාර කුයි ඩොලර් පන් ලක්ෂ විසි හත් දහසකුයි නමට ගත්තා.
ෆොන්සේකා මහතා:
ජිනීවා ගිහිල්ලා කොහෙන්හරි ඩොලර් උස්සගෙන ආවට අපි ඒ තුට්ටු දෙකේ වැඩ කරල නැහැ.
වීරසේකර මහතා:
තමුන්නාන්සේ මුදලට හමුදාව පාවා දෙන්න එපා.ඩොලර් පන් ලක්ෂ ගානක් සම්පත් බැංකුවේ තිබුණා .
ෆොන්සේකා මහතා:
අපි එදා යුද්ධ කළේ බෝම්බ කාගෙන
වීරසේකර මහතා:
ඇයි අපි යුද්ධ කළේ නැද්ද .යුද්ධය දිනල ජාතියේ ප්‍රණාමය ලබාගත්තු පස් දෙනාගෙන් එක් කෙනෙක් මම.දැනගන්නවා.ඔයා විතරක් නෙවෙයි.ඔයා විතරක් නොවෙයි යුද්ධ කළේ.
මෙයාගේ පළමු පාවාදීම තමයි සුදු කොඩි සිද්ධිය .හමුදාව සුදු කොඩි අරගෙන ආපු අය මරා දැම්මා කියලා මෙයා ඇමරිකාවෙදි ප්‍රකාශ කළා.ඊට පස්සේ සන්ඩේ ලීඩර් එකේ ෆෙඩ්රිකා ජෑන්ස් ට කිව්වා සුදු කොඩි කතාවක්.යුද්දෙට කවුරුත් දායක වුණා .
තමන්ගෙ සෙබළුන් පාවා දෙනවා නම් තමුන්නාන්සෙ ෆීල්ඩ් මාෂල් කෙනෙකුට නොවෙයි ලාන්ස් කෝප්‍රල් කෙනකුටත් සුදුසු නෑ.
(ෆොන්සේකා යළිත් කෑ ගසයි)
ෆොන්සේකා මහතා:
මම කිව්වේ නඩු තීන්දුවේ තියෙන ඒවා.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒවා කිව්වා.
වීරසේකර මහතා:
තමුන්නාන්සේ ඒව කියන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන.නැත්නම් මොකක්ද හේතුව.
(ෆොන්සේකා යළිත් මහ හඩින් කෑ ගසයි. වීරසේකර මහතාට බැණ වදී .)
වීරසේකර මහතා :
සුනිල් රත්නායක කියන්නේ මහසෝන් බලකායේ හිටපු කෙනෙක්.එයා කොටි පරාජය කරන්න ලොකු කැපවීමක් කළ අයෙක්.සුනිල් රත්නායක ඉන්නේ කටුමැටි පැලක.
ෆොන්සේකා මහතා:
මෙයා කියන්නේ යටත් වෙච්ච දොළොස්දාහ අපි මරලා දාන ඕන කියලා .පුදුම කතාවක් නේ මෙයා කියන්නේ.මේ වගේ මෝඩ කතා කිව්වම තමයි ලෝක ප්‍රජාව අපට විරුද්ධව යන්නේ.කොහෙ පිස්සෙක් ද මේ .
වීරසේකර මහතා:
පිස්සෙක් වගේ කතා කරනවා .එයාගෙ කතාවෙන් තේරෙනවා තියෙන මානසික තත්ත්වය.තමුන්නාන්සේ මුදලට ජාතිය ,උ හමුදාව පාවා දෙනවා.ඒක මේ රටේ සමස්ත ජනතාවම දන්නවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්:
කමෝන් ...කමෝන් ..
වීරසේකර මහතා:
යුද්ධයෙන් පස්සේ ජනාධිපතිවරණයේදී ඔබතුමා දෙමළ දිස්ත්‍රික්ක ඔක්කොම දින්නෙ කොහොමද.ඔබතුමාට එල්ටීටීඊය දෙමළ ඩයස්පෝරාව එක්ක ගිවිසුමක් තියෙනවා.ඒක ඉතා පැහැදිලියි .
(ෆොන්සේකා යළිත් කෑ ගසයි)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
මෙතුමා සරත් ෆොන්සේකා මැතිතුමාට එල්ල කරපු එල්ල කරපු බොරු චෝදනා සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම ඉල්ලනවා.
(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති)
ප්‍රේමදාස මහතා:
කරුණාකරලා 91 වගන්තිය කියවන්න.එතකොට ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන බෝම්බයකට මුහුණ දුන්නෙත් ඩයස්පෝරාවෙන් මුදල් අරගෙන ද .මොන විහිලු කතා ද මේ.
වීරසේකර මහතා:
මම කතා කතාකරන්නේ හමුදාව පාවා දෙන කතා ගැනයි .බීබීසී එකටත් හමුදාව පාවා දුන්නා.මෙහෙම ප්‍රකාශ කරන්නේ ඔබතුමා මානසික රෝගියෙක් වෙන්න ඕන.
(ෆොන්සේකා දිගටම කෑ ගසයි .)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය නිසා තම ආත්මය පාවාදුන් හමුදාවටත් ලැජ්ජ කරපු කෙනෙක් ෆොන්සේකා කියන්නේ ...
ෆොන්සේකා දිගටම කෑ ගසයි
ඇත්තටම කාට හරි කියන්න පුළුවන්ද සරත් වීරසේකර යුද්දේ දවස් වල මොකක්ද කළේ කියල ?
සරත් වීරසේකර යුද්ධය දවස් වල මොකක්ද කරේ ?
මේ "කවුරුවත්" තමන්ගේ අං පටලාගන්නේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවටවත්, දියුණුවටවත් නොවන බව ඉතාමත්ම පැහැදිලිය. තමන්ගේ බලය රඳවාගැනුමට කෙරෙන මෙවන් "ගොන් පොර" රටට ආදරේ ඇති අවංක පුරවැසියන් ඉතාමත්ම පිළිකුල් ලෙස දකින බවත් නොතේරෙන හරකුන් ටිකක් දියවන්නාව පට්ටියේ ලැගීම පිළිබඳව ඇත්තේ අසීමිත වූ කලකිරීමකි.
සර්, කරුණාකර ඉවසන්න. වීරසේකරගේ කතා මුලු රටටම විහිළුවක්.. ඔබ සිංහයෙක්... හිවලෙකු සමග පැටලෙන්න එපා.
කෙනෙක් අහලා තියෙනවා සරත් වීරසේකර යුද්ධය කාලේ මොනවද කලේ කියලා..? සිවිල් ආරක්ෂක බලකාය නිර්මාණය කලේ ඔහු.. ගම් ආරක්ෂා කරන්න යුද්ධ හමුදාව වෙනුවට ගම්වල ඉන්න අයම බඳවාගෙන ඔවුන්ට නිසි පුහුණුවක් දීලා තමන්ගේ ගම ආරක්ෂා කරන්න යොමු කළා. එදා යුද්ධය වෙලාවේ මේ සියලු දෙනාම තම තමන්ගේ වගකීම අකුරටම ඉටු කරපු මිනිස්සු. ඒත් අවාසනාවකට ෆොන්සේකා නැමැති දේශපාලකයාගේ චෝදනා සහ ඩයස් පෝරාවේ චෝදනා එකට ගැලපෙන විදිහනම් හරිම අප්‍රසන්නයි. සුදුකොඩි කතාව විතරක් නෙමෙයි ඒ වගේ අනිත් චෝදනා නිසා අපේ රට විදේශ බලපෑම් හමුවේ ගොඩක් අපහසුතාවට පත් වුණා..
සරත් ෆොන්සේකා මහතා මේ රට වෙනුවෙන් කරපු කැපකිරීම් එක්ක බලපුවාම සරත් වීරසේකර කියන්නේ පුස් වෙඩිල්ලක් විතරයි. ෆොන්සේකා මහතා මේ රට වෙනුවෙන් කරපු කැපකිරීම් නිසාම එතුමාට හිරගෙදරට යන්න වුණු පාදඩ දේශපාලනයක් ලංකාවේ තිබෙන්නේ. ෆොන්සේකා මහතා මේ දේශපාලන ඌරුකොටුවට නොආවානම් ගොඩක් හොඳයි වගේ.
අලිමංකඩ, පූනරින්, පිටකොටුවේ බස් බෝම්බය, දළදා මාලිගාවට පහර දීම, ප්‍රේමදාස ඝාතනය, ලලිත් ඝාතනය, ගාමිණී දිසානායක ඝාතනය, පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය.. මේ වගේ සියලු සිදුවීම් වලටත් වගකීම බෙදාගන්න එවකට සේවයේ සිටි සියලු නිලධාරීන් මේ විදිහට පොර කනවා නම් කොයි තරම් හොඳයිද? යුද්ධය කාලේ ජනතාවගේ බදු මුදලින් හැමෝම වැටුප් අරන් වැඩකළේ. ඒ නිසා ඒක තමුන්ට පැවරුණු රාජකාරිය කිරීමක් විනා ඉන් එහාට ගියපු දෙයක් නැහැ. ගුරුවරු, සිසුන් දහස් ගණනකට උගන්වනවා. වැටුප් ලැබෙනවා. විශ්‍රාම ලැබෙනවා. වෛද්‍යවරුන් රෝගීන් දහස් ගණන් සුවපත් කරනවා. විශ්‍රාම අරන් ගෙදර යනවා. මෙතනත් ඊට එහා ගියපු යමක් නැහැ. යුද්ධ කාලේ පීඩාවට පත් වුණේ දරුවන් දන්දුන්නු සාමාන්‍ය මිනිස්සු ... ඒ නිසා සැබෑ උරුමක්කරුවන් පඩි ගෙවන්න, ආයුධ ගේන්න සල්ලි දීපු ජනතාව...
සරත් වීරසේකර මහත්තයා යුද්ධය අවසන් කරපු පස්දෙනාගෙන් එක් කෙනෙක්ලු. එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිවිධ හමුදාපතිවරුන් යන පස් දෙනාගෙන් කවුද අයින් කරන්නේ "යුද්ධය දිනලා ජාතියේ ප්‍රණාමය ලබාගත්තු පස් දෙනාගේ" ලැයිස්තුවට වීරසේකර මහත්තයාගේ නම දාන්න? දන්නේ නැති නිසයි අහන්නේ.
ෆොන්සේකා යුද්දේ දිනෙව්වේ... ඒ පිහිටෙන් වීරසේකර පාර්ලිමේන්තු ආවේ.. එහෙම ඇවිත් විකාර කියවනවා.
ගමේ නූගත්තු බැනගන්නවා වගේ..
රටෙහි පාලකයෙක් පත් වෙන්නේ රටෙහි එම රටේ ජීවත් වන සමස්ත ජනතාවගේම ආරක්ෂාවට. නමුත් බහුතරයක් මැති අැමැතිවරු ප්‍රසිද්ධියේ දෙමළ, මුස්ලිම්, සිංහල භේද භින්න වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරනවා...
ඔය වීරසේකරලා කොහෙද යුද්ධය දවස්වල හිටියේ...? ආණ්ඩුවේ වළං හෝදලා එල්ටීටීඊය දෙමළ ඩයස්පෝරාව එක්ක ගිවිසුම් කතා කියකිය ඡන්ද ගොඩ දාන එක විතරයි කලේ... අපි නම් අහලා තියෙන්නේ ෆොන්සේකා විතරයි... වීරසේකරයෙක් දැක්කේ 2010 න් පස්සේ...
අයියො පිස්සු වැඩිවෙලා
මෙය යුද්දයේදී විශිෂ්ඨ සේවාවක් කල එක ඇත්ත. එත් හමුදාව පාවාදීම කලෙත් මෙයයි . සුදුකොඩි කාරයින්ට අපේ හමුදාව වෙඩි තිබ්බ බව කීවා හමුදාව යුද්ද අපරාද කල බව කීවා, ඒ වගේම යුද්දය කාලේ හමුදාවේ අභ්‍යන්තරයේ සුදුඋන සිදු වීම ප්‍රසිද්දයේ කීව ඒවා ජාතික අපරාද? හරිනම් කෝට්මාෂල් කරන්න ඕනේ.