(නිමල කොඩිතුවක්කු)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කරනු ලැබ සිටී.
මෙම පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි නිවේදනය කරනු ලැබීය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කල අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම මැජික්. ඔන්න බලන්න මැජික්. පක්ෂ සාමාජිකයෝ තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. මම මට කැමති කෙනෙක්, මට එහෙයි කියන කෙනෙක්, මගේම ගෝලයෙක්, කෘත්‍යාධිකාරි මණ්ඩලයට දානවා. තව ටික දවසකින් අායෙත් ඒ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂයේ නායකකමටයි, ජනාධිපති අපේක්ෂකයා විදියටයි, මාවම පත් කරනවා. ඊළඟට මට ඕනේ කට්ටිය දාලා මාව සියලු විධායක බලතල ඇති අගමැති තනතුරට පත්කරන්න කැමති සුවච, කීකරු උදවිය ජනතා නියෝජිත ලැයිස්තුවට දානවා. ඔය කෘත්‍යාධිකාරි මණ්ඩලය එ්ක සම්මත කරනවා. ජනතාව පෝලිමේ ගිහින් මගේ ලයිස්තුවේ ඉන්න අයට ඡන්දෙ දෙනවා. මේ තරු පහේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය දිහා කොට අදින අලි කිතුල් කොට කකා බලාගෙන ඉන්නවා. මගේ මැජික් බලෙන් ජනතාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙයි, මගෙයි ෆොටෝ බිත්තියේ එකලඟ ගහලා බලාගෙන ඉන්නවා. සමහරු මලුත් පුජා කරනවා.
අවුරුදු තිහක යුද්ධයේදී රට බේරාගත් අභීත සෙන්පතියෙක් වන මෙතුමාට ඉහල තලයේ දේශපාලන තනතුරක් දීම ඉතා යෝග්‍යය. මෙතුමා කිසි දිනක යුද්ධය අතහැර බයේ පලා නොගිය එක දිගටම රණබිමේ දක්ෂකම් පෙන්වූ නිර්භය රණවිරුවෙකි.
හැබැයි මහත්තයෝ, ලොක්කා කියන දේට අත උස්සනවා ඇර වෙන මොකුත් එහෙම බෑ, හරිද?
දේශපාලනය නොකර සිටියා නම් රටෙම ජනතාව ගරු කරනවා.
"එක වර්ගයේ කුරුල්ලෝ එකට එකතු වෙති "
දේශපාලනය ඔබතුමාට ගැලපෙන්නේ නැති බව තේරුම් ගන්න.