(මනෝප‍්‍රිය ගුණසේකර)
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමේ සිද්ධියට අදාළව ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ නිර්දේශවල පිටපත් අධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා ජනාධිපති ලේකම්වරයාට අද (17) නියම කළේය.
සිද්ධියට අදාළව බරපතල වංචා සහ දුෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි සම්පිණ්ඩ වාර්තා විත්ති පාර්ශවයට ලබාදුන් අවස්ථාවේදී කොමිසමේ නිර්දේශවල පිටපත් තමන්ට ලැබී නැති බවට විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.
මෙම නඩුව කැඳවන ලබන දෙසැම්බර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ තනුක නන්දසිරි, යොහාන් පීරිස්, භාග්‍යා පීරිස්, ශානක පෙරේරා, සුසිත රණසිංහ, ගයානි විජේසුරිය, තිළිණ මෙන්ඩිස්, උපුල් කුමාරප්පෙරුම, ලාල් කුලරත්න යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන සාලිය පීරීස්, නලීන් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම මේ අය ආසනේට කරපු දෙයක් නැහැ. සාමකාමීව තිබුණු පළාතේ පාතාලයෝ බිහිකළ එක තමයි කරපු ලොකුම වැඩේ... මුන්දැට ධීවර නියෝජ්‍ය ඇමැතිකම ලැබිලත් අඩුම තරමේ බෝට්ටුවක් නවත්වා ගන්න පහසුකමක්වත් සලසන්න උත්සාහ කලේ නැහැ. මීගමුවේ අපේ ට්‍රෝලර් බෝට්ටු ටික තවම අපි පාක් කරන්නේ ස්වභාවධර්මයෙන් ලැබුණු ස්ථානවල. මුන්දැට බැරි වුනා මීටර් 20ක් වත් දිග නැති සුද්දගේ කාලේ හදපු පුංචි පාලම ඉවත්කරලා ටිකක් ඉහළින් අලුත් පාලමක්වත් ඉදිකරන්න. එහෙම කළානම් අද අපිට ට්‍රෝලර් බෝට්ටුවක් හරි කලපුව ඇතුළට අරගෙන නිදහසේ නවත්වන්න තිබුණා. මේ අය කරපු වැඩේ තමයි පාලම එහෙමම තියෙද්දී කලපුව ඇතුලේ තියෙන වැලි හාරලා පාතාලයෝ හරහා විකුණපු එක. ඒ වැඩේ කරලා විතරක් කට්ටිය හොඳට හෙව්වා.