(යොහාන් භාසුර)

බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් පාලනය කිරීමේ පියවරක් ලෙස සොරකම් කර ගරාජ්වලට ගෙන එන වාහන පිළිබඳ තොරතුරු දෙන ගරාජ්හිමියන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර තිබේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය පිළිබඳව ගරාජ්හිමියන් දැනුවත් කිරීමට පසුගිය සතියේ පියවර ගත් බවත්ය.