(අජන්ත කුමාර අගලකඩ)
පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය ක්‍රියාත්මක කිරීමට විදේශ රක්ෂණ සමාගමකට ලබාදී ඇති ටෙන්ඩරය සම්බන්ධයෙන් මීළඟ කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කිරීමට අද (12) කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
සුරක්ෂා රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ ටෙන්ඩරය විදේශ රක්ෂණ සමාගමකට දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ද විරෝධය පළකර තිබිණි.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දැනට එම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමේ හැකියාවක් නැති බව පවසා තිබේ.
අනතුරව මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැති අතර ඒ පිළිබඳ තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවැරීමට තීරණය වී තිබිණි.
එහෙත් අද පැවැති කැබිනට් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩ කඩාකප්පල් කරන්න මයි බලන්නේ - තමන්ගේ කැබිනට් එක ටෙන්ඩර් එක දෙනකල් බුදියන් හිටියාද දැන් ඇහැරිලා හොයන්නේ? සත පනස් පහේ ගැලරි කාරයෝ මිසක් බුද්දිමත් මිනිස්සු මේ විදිහට රවටන්න බැහැ