(ඉන්දිකා රාමනායක)
වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. .
දිවයින පුරා බන්ධනාගාර බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සිරකරුවන්ට නිදහස මෙන්ම තවත් සිරකරුවන්ට ඔවුන්ගේ නිවෙස් වෙත යාමට පොදු සමාවක් හිමිව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි..
බන්ධනාගාර ගත සිර දඩුවම් විඳින සිරකරුවන් හට ඊයේ සිට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට දින 14 බැගින් න් පොදු සමාව ද, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි විම, බන්ධනාගාර ගතව සිරදඩුම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ දඩුවමින් හරි අඩක් අඩු කිරීම හා අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම , මහාධිකරණයෙන් වසර 40 කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර එම දඩුවම වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි යටතේ මෙම සමාව ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවිය විවේචනය කළා කියලා හිරේගිය කවුරුවත් කෙනෙක් නිදහස් කරලා නැද්ද?
මෙයා ඒකාධිපතියෙක්... මෙයා ගෙදර යැවිය යුතුමයි... මෙයා දන්නේ නැහැ ඊයෙත් උද්ඝෝෂණය කළාකියලා.. නොකළ වරදකට දේශපාලන දඬුවම් විඳින කෙනෙක්ව.. ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ...?
මේ මිනිස්සු නම් මොනවා හරි වරදක් කරපු අයනේ, නමුත් දැනටත් පේන සත්‍ය කියලා දේශපාලන අවශ්‍යතා මත හිරේ ගිය මානව හිතවාදියා ගැන තීරණයක් ගෙන නැහැ වගේ...
ඇයි... රනිල් ඔබට පුළුවන් මේ වෙසක් පෝය දවසේවත් රංජන්ව එළියට ගන්න..