IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා

(නිමල කොඩිතුවක්කු)

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ හෝ සිරිකොතේ බූදලයක් නොවන බවත් ඒ සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයක් සිටින බවත් වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කළේය.

ඇතුළුකෝට්ටේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය  අද(17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය වතු කම්කරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කර ඇති බවත් ඉදිරියේ දී එම කටයුතු සිදු කිරීම සඳහා සඳහා කැපවන බව ද ඔහු සඳහන් කළේය.

සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ වතු කම්කරුවන්ට රැවටූ බවත් ඔවුන්ට ඇති එකම විශ්වාසය බවට ජාතික සමගි ජන බලවේගය පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවූ පසු වතු කම්කරුවන්ට රුපියල් 1,500 ක දෛනික දීමනාවක් ලබාදීම වෙනුවෙන් කැපවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (2)

සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා

Prabha Wednesday, 17 June 2020 11:51 AM

රටේ ප්‍රශ්න විසඳන්න කළින් පක්ෂයේ ප්‍රශ්න විසඳගන්න බලන්න..

:       0       12

sllva Wednesday, 17 June 2020 12:35 PM

මෙයා නේද දින 58 ආණ්ඩුව දවස්වල උදේට මේ පැත්තටත්, හවසට අනික් පැත්තටත් පැනපු කෙනා...? ඉස්සෙල්ලාම ගෙඹි චරිතයෙන් මිදිලා තමුන් ඉන්න තැන ඉස්සෙල්ලා හරියට හදාගන්නකෝ..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site