( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන්ට එරෙහිව මහාධිකරණය විසින් පනවා ඇති වසර තුනක සිර දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම් අද(08) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු සඳහන් කර සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 650 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පැවරූ බවයි.
එම නඩු විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම චෝදනාවලට තමන් වරදකරුවන් කොට වසර තුනක සිර දඬුවම් නියම කර දඩ මුදල්ද නියම කළ බව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අධිකරණ හමුවේ කියා සිටියේය.
එම දඬුවම නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් මේ හේතුවෙන් තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි හොරකම් කරනකොට හොඳයි.
දැන් හරි වැඩේ. හරියටම සෙට් කරල දුන්නා. බොලේ ඔන්න ඔහොමයි උනයි කියන්නෙ. කම්බි හත් පොටෙන් පන්නනව කියන්නේ ඕකට තමයි.
සාමාන්‍ය මේක රුපියල් මිලියන 650 මහජන මුදල් සාවධ්‍ය පරිහරණය කළාට දුන්නු දඬුවමක්, මම නම් හිතන්නේ මේකට සිර දඬුවම අවුරුදු 3ත් මදි, එ්කත් අත්හිටවල දමන්න පුලුවන් නම්, ඉතින් මෙරට නීති පද්ධතියට කරන දේශපාලන බලකිරීම් ගැන ජනාධිපතිතුමාගෙන් ආරම්භ වුණාම, අගමැතිතුමා, විපක්ෂ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා අපට ඇතිවෙන්නේ කලකිරීමක්, කරුණාකර මේ මිනිස්සු අවුරුදු 3 නොවේ.., අවුරුදු 30 දක්වාවත් හිරේ දමන්න, එතකොට අනිත් නිලධාරියෝත් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට මේවගේ වැඩ නොකර ඉඳීවි. නැත්නම් මේ රට ඉදිරියට සෝමාලියාවටත් වැඩිය අන්තවේවි..
මේ වගේ අයට නේද අපි මහත්තුරු කියන්නේ?
මේ වරදට ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට හිරේ දාලා හරි යන්නේ නැහැ. මේ මහජන මුදල් කාබාසීනියාවට සිර ගත විය යුත්තේ මෙවැනි කටයුතු සඳහා නියෝග දුන් දේශපාලකයින්ය.