( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ නිසා රෝගය උත්සන්න වන තුරුම රෝගය ආසාදනය වී තිබෙන බව දැන ගන්නට නොලැබෙන බව විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සදහන් කර සිටී.
රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර කිරීම අපහසු බැවින් ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් පිළිබඳව වෛද්‍යවරයා සඳහන් කරයි. ඒවා නම් ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම් , ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම් ,ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම් , වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් යන ඒවාය.
මෙවැනි තත්ත්වයක් තුළ සැක සහිත අය රෝහල් ගතවීම කඩිනම් වීමෙන් ඔවුන්ට ඉක්මනින් රෝග පාලනයක් සිදුකල හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි මේ රටට වෙලා තියන ඇබැද්දිය සපත්තු මහන හාදයෝ තමයි ඇදුම් මහන හැටි උගන්නන්නේ ! මෙයා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් මෙයා කොහොමද කොරෝනා ගැන මහාචාර්ය නිලීකලට , දොස්තර චන්දිමට , ආනන්ද විජේවික්‍රමට වැඩිය දන්නේ ? අනික මේ හාදය මේ කියන ඒවා සාමාන්‍ය මිනිස්සු නොමග යවන සුලුයි . ඒ වගේම මුන්නහෙගේ කරට්ටුව දන්නෝ දනිති . ඒ හින්ද රජයක් විදියට දැන් කරන්න තියෙන්නේ කොරෝනා ගැන එක එක පුද්ගලයන්ට තමන්ගේ මත කියන එක නවත්තන්න කිකියල එක පොදු ආයතනයක් හදල කව්රුහරි දන්නා කෙනෙක් පත් කරන්න නැත්නම් රවී කුමුදේශ් මහත්තයා එකක් කියනවා වෛද්‍ය සංගමය තව එකක් කියනවා ඇමැතිනිය තවෙකක් කියනවා සාමාන්‍ය මිනිහ නන්නත්තාරයි !
කොහොම වුණත් නව වයිරස් ප්‍රභේදය පිළිබදව වෛද්‍ය විද්‍යාත්මකව නිල ප්‍රකාශයක් මගින් මහජනතාව දැනුවත් කරන්නේ නම් වඩා හොදයි.
සියලු ආරක්ෂාව සහ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමෙන් පසු සෑම කෙනෙක්ම රජයට පහර දෙති. කොරෝනා පාලනය කිරීම සඳහා සෑම පුද්ගලයකුටම ප්‍රජාව වැළැක්වීම සහ ආරක්ෂිත මුඛ ආවරණ භාවිතා කිරීම වැනි ආරක්ෂිත පූර්වෝපායන් අනුගමනය කිරීම සඳහා ස්වයං විනයක් අවශ්‍ය වේ. මෝඩයන් ලෙස හැසිරෙන්න එපා.