( දිල්රුක්ෂි ග්‍රේරු )
සොයිසාපුර ලක්මැදුර හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් ,මැගසින් 2 ක් සහ උණ්ඩ 25 ක් සමඟ මාලඹේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බේලියකන්ද ,ගලේවෙල ලිපිනයේ පදිංචිඅයෙක් වන අතර ඔහු සූවාරපොළ , පිළියන්දල කුලී පදනම මත නිවසක රැදී සිට ඇත.
අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන දැනට විදෙස් රටකට පළාගොස් සිටින එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන විසින් නාඳුනන පුද්ගලයකු අත තමන්ට ටී පනස් හය ගිනි අවියක් එවා තිබූ බවත් එය සිය කුලී නිවසේ පිටුපස කැලයේ සැඟවූ බවත් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව කළ සෝදිසියකදී අංකය මකා දමා තිබූ ටි පනස් හය ගිනි අවිය, මැගසින් සහ ජීව උණ්ඩ සොයාගෙන ඇත.
එමෙන්ම විදෙස්ගතවී සිටින ධර්මේ නැමැත්තාගේ උපදෙස් මත කුලී පදනම මත ගත් වාහන වලින් ගොස් ඔහු දැනුම් දෙන ස්ථානවල සිටින පුද්ගලයින්ගෙන් හොරොයින් ජාවාරමට සම්බන්ධ මුදල් එකතු කර විවිධ බැංකු ගිණුම් සඳහා බැර කර ඇති බවද, මේ වන විට රුපියල් ලක්ෂ 400 ක ආසන්න මුදලක් එම පුද්ගලයාගේ ගිණුමට බැරකර ඇති බවද වැඩි දුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වු බව පොලීසිය කියයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ අද( 12) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සම්බන්ධව නිසි අයුරු ක්ෂණිකව ක්‍රියාකොට ඉන්ටර්පෝල් ආයතනයේ ද සහයෝගය ගෙන රටින් පැන සැඟවී සිටින අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්න. එසේ නොමැතිව නියම අපරාධ කාරයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, මේ සියල්ල මැතිවරණය ඉලක්ක කොට කළ දේ වශයෙන් අතැමෙකුහට සිතෙන්නට පුළුවන් ... ඒ නිසා මේ අපරාධ කරුවන් සම්බන්ධව පිළිගත හැකි යමක් සිදුවීම වැදගත්.