
(අංජුල මහික වීරරත්න)
මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයේ වැඩ නිමකර තිබේ.
මෙම පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර ඇත. වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු වලින් සමන්විත වේ. දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත.
සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විත නවීන ශල්‍යාගාර හතරක් ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
සමස්ත ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවක් ජීවත්වන අතර එම ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධානතම රෝහල මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලයි. 1876 වර්ෂයේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කෙරුණු මෙම රෝහල 1990 වර්ෂයේ දී මූලික රෝහලක් ලෙස ද 2005 වර්ෂයේ දී දිස්ත්‍රික් මහ රෝහල ලෙස ද ශ්‍රේණිගත කරනු ලැබීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිල්ල ලබන 4 වැනිදා පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd