
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
අලුත්ගමගේ මහතා මෙසේ පැවැසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
ගොවියා යල කන්නයේ නිෂ්පාදන මේවනවිට විකුණමින් සිටින බවත් වෙළෙඳපොළේ වී තවමත් විකුණා ඇත්තේ සියයට 35ක් පමණක් බවත් අලුත්ගමගේ මහතා කීවේය.
සියයට 65 ක් තවමත් පවතින්නේ ගොවියාගේ අතේ යැයිද ඔහු පැවසුවේය.
අලුත්ගමගේ මහතා එහිදී මෙසේද පැවසුවේය.
අද වී කිලෝ එක රුපියල් 70, 80, 90 ට යන්නේ. ඔබතුමාගේ කාලේ රුපියල් 25යි තිහයි. යල කන්නයේ නිෂ්පාදන විකිණීම ගැන ගොවියා ඉන්නේ ඉතාම සතුටකින්. ඔබතුමාල සහනාධාරය කැපුවා. අපි සහනාධාරය දුන්නා.
ශාකයට ඉල්ලන පෝෂ ගුණය දෙනවනම් රසායනික කාබනික කියලා දෙයක් නැහැ. පොටෑසියම් පොස්පරස් ටික දෙනවා නම් එච්චරයි .ඔබතුමාලා රසායනික යූරියා ගෙනත් දුන්නා .ඔබතුමාලා රසායනික පොස්පරස් ,පොටෑසියම් ගෙනත් දුන්නා.
අපි ගෙනාපු පොටැසියම් එක කාබනික පොහොරක්. ඒක රසායනික නෙමෙයි.
තාම හොඳ සාර්ථකත්වයෙන් යුතු නයිට්‍රජන් පොහොරක් අපි ආනයනය කරනවා . ලබන 30 වැනිදා වෙනකොට ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ගෙන්වනවා. ගොවියා ඉල්ලුවේ අපිට නයිට්‍රිජන් ටික පොස්පරස් ටික පොටෑසියම් ටික දෙන්න කියලයි. මහපොළොවෙ අද වෙනකොට ඕන තරම් පොස්පරස් තියෙනවා. අපි පළමුවැනි වතාවට ගොවියගෙ පස පරීක්ෂා කරනවා. ගෙනාපු පොහොර පිළිබඳ වගකීම රජය ගන්නවා.වෙලාවට පොහොර ටික දෙනවා . නිෂ්පාදනයේ අඩුවක් වුණහොත් ඒ පිළිබඳව ගොවියට සාධාරණයක් කරනවා.
නිෂ්පාදනය අඩුවක් හා රටේ ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ.ගිය යල මහ අපි හෙක්ටයාර ලක්ෂ දහ තුනක් වැඩ කරලා තියෙනවා. නිෂ්පාදනයේ යම් අඩුවීමක් සිදු වුණත් රජය ගොවියට අසාධාරණයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා කන්නය හරියට කෙරෙන්නේ නැති හින්දා ගොවියෝ යල කන්නයේ අස්වැන්න විකුනන්නෙත් නැහැ. සුදුසු පොහොර ගෙන්න ගන්න බැරුව ආණ්ඩුව ඇදගෙන නාලා තියෙන්නේ
කොහෙන්ද ගෙන්වන්නේ? ඒ සදහා තිබෙන සූදානම කුමක්ද? ඒ වන විටත් ප්‍රමාද වැඩියි
පුන්නක්කු එහෙම ගෙන්නන්නේ නැද්ද දන්නැ
කොහොමද පාදෙණිය දීපු ලනුව ?ඕක තමයි වෙන්නේ වාසි බලාගෙන ලං වෙන කෙව්වට්ටයින්ගෙන් උපදෙස් ගන්න ගියාම
පච ඇමති වහාම ඉල්ලා අස් වෙන්න ඕනේ
අන්න පල්ලමක්.. කිසිම තත්වයක්, පාලනයක් නැතිව ගෙනැල්ලා දීලා හොඳ කොමිස් මුදලක් ගන්න නියම චාන්ස් එක.. තත්ව පාලන රසායනාගාර පරීක්ෂණ නැතිව හෙන්චයියලා ටික ගාණ හොයා ගනීවි. සියලු ගොවිපළවල් විනාශ වුණාම සියලු ගොවි නිෂ්පාදන පිටරටින් ගෙනැල්ලා තවත් කොමිස් මුදලක් ගනීවි...
වී මිල ඉහල ගියේ, ඊලග කන්නෙ ශුවර් නැති ගොවියො කන්න බොන්න නැතිවෙයි කියලා වී අලෙවි කරේ නැති නිසා, වී මිල ඉහල ගිහින් ගොවියගෙ සතුට ගැන පාරම් බාන්නෙ ගෙන්වන පොහොර වැඩි මිලට අලෙවි කරන්න බලාගෙන