
(සුජිත් හේවාජුලිගේ )
සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් වාර්තාවක් මින් ඉදිරියට ලබාගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මරණ පරීක්ෂක වරයාගේ හෝ ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ අභිමතය අනුව පමණක් බව කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
මෘත ශරීර නිදහස් කර ගැනීමේදී ජනතාවට විඳීමට සිදුවූ අපහසුතා අවම කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2021 ජූනි නිකුත් කළ චක්‍රලේඛයක් මඟින්, සෑම මරණයක් සඳහාම PCR පරීක්ෂණයක් සිදු කිරීමේ අත්‍යාවශ්‍යතාවය ඉවත් කරන ලදී. එමගින්, කොවිඩ් මරණ වාර්තාවීම අඩුවිය. 2022 පෙබරවාරි චක්‍රලේඛයක් මඟින්, රෝහල්තුළදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණයකදී, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නේ නම් පමණක්, අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකි බවට නිර්දේශ කෙරිණි. මේ අනුව කොවිඩ් මරණ හඳුනාගැනීම තවදුරටත් අඩුවන අතර, මියගිය තැනැත්තාගේ ආශ්‍රිතයින් අතර කොවිඩ් පැතිරීමට ඉඩකඩ වැඩිවේ. අවමංගල්‍ය උත්සව සුපුරුදු ක්‍රමවලටම සිදුවීමෙන්, රෝග ව්‍යාප්තිය වැඩිවීමට ඉඩකඩ සැළසේ...
එතකොට මෙත්තිකාට මොකද වෙන්නේ ?