(විනීතා එම් ගමගේ)
රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archicell) ආරම්භ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් එහි පවා නැති බවත් දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට පැවැසීය.
දෙපාර්තමේන්තුවේ ආරම්භය, අතීතය, අතීතයේ සිටි ප්‍රධානින් ගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙතෙම සඳහන් කළේය.
සෑම පුරා විද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී ව්‍යාපෘතිය රටපුරා ගෙන යාම තම අරමුණ බව ද කීය.
විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ඇතුළු සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.
අදාල ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල්වලට හා රාජ්‍ය ආයතනවලට ලිඛිත ඉල්ලීමක් යවන බව පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ල බා දෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කාර්යාලවල පසුගිය කාලයේ එලදායිතාවය වෙනුවෙන් ලිපි ගොනු විනාශකරනවිට කාර්යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තුකළ ලිපිගොනු හා ලොග් සටහන් පොත් ලේඛණාරක්ෂක පණත් පවා උල්ලංඝනය කරමින් විනාශ කරලා තියෙනවා කියන්න පුළුවනි. මගේ අදහස බොරුනම් රත්නපුර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තොරතුරු ගෙන්වා බලන්න. ඒ ගමන් විමසන්න උපදිසාපති නැත්නම් සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාල ප්‍රාදේශීය ලේකම්කාර්යාල කලේ කුමන වසරේද කියලා...