IMG-LOGO

සියයට 25 අධිභාරය නවති

අජන්ත කුමාර අගලකඩ

අයවැයෙන් යෝජිත සියයට 25 අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

අයවැයෙන් සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට තීරණය කළේ වාර්ෂිකව රුපියල් කෝටි 200 ක ට වැඩි ආදායමක් ලබන සමාගම් ,පුද්ගලයන්ගෙන් සහ හවුල් ව්‍යාපාරවලින් බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත .

අර්ථසාධක අරමුදල , සේවක භාරකාර අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල සමාගම් බවට පත් කර ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ පනතකින් බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමැතිවරයා එය නිවැරදි කරන බවද ප්‍රකාශ කර ඇත.

ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලෙන් සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමතිවරුන් ගණනාවක් විරෝධය පළ කිරීම සැලකිල්ලට ගනිමිනි .

අධිභාරය පැනවීමට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානයක්කාර,ආචාර්ය බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ,උදය ගම්මන්පිල,විමල් වීරවංශ , මහින්ද අමරවීර ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම කැබිනට් රැස්වීමේ දී අදහස් ප්‍රකාශ කර ඇත

මේ සම්බන්ධයෙන් අද(15) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී රටට පැහැදිලි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරුන්ට දැනුම් දී ඇත .

 



අදහස් (1)

සියයට 25 අධිභාරය නවති

Shan Tuesday, 15 February 2022 01:11 PM

මෝඩ තීරණ ගත්තාම ඕක තමයි වෙන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site