IMG-LOGO

සියඹලාණ්ඩුව රෝහලත් වැසෙයි

(අයි ආර් ඉන්දික)

පවතින ඉන්ධන හිඟය නිසා රෝහල් කාර්යය මණ්ඩලයට රෝහල වෙතට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව එම රෝහල  වසා දැමු බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි.

අත්‍යාවශ්‍ය සේවාවක නිරතවන රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්යය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකිව අපහසුතාවයට පත්වී සිටිම ඊට හේතුව බව ද එම ප්‍රකාශකයි පවසයි.

ළමා රෝග වෛද්‍යවරයා ඉන්ධන ලබාගන්න පැය 17ක් පොලිමේ ඉඳලා තියෙනවා. දෛවද්‍යවරුන් ගෙන්වාගන්න විදිහක් නෑ. ඇතැම් වෛද්‍යවරුන් සේවයට ගෙන්වගන්න බස්එකේ තෙල් යවන්න සිාද්ධවෙලා තියෙනවා. රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 75%කට අධික පිරිසකට සේවයට වාර්තා කරන්න එන්න ඒ අයට අවශ්‍ය ඉන්ධන නෑ .

නිල ඇඳුමෙන් සහ අනන්‍යතාවය තහවුරු කරලා ඉන්ධන ලබා ගැනීමට ගියත් ද ඉන්ධන පිරහුම්හල් අසල සිටින ජනතාවගෙන් ඒ සඳහා ප්‍රමුඛතාවයක් හෝ අවස්ථාවක් ලබා දෙන්නේ නෑ .

 



අදහස් (2)

සියඹලාණ්ඩුව රෝහලත් වැසෙයි

Perera Monday, 27 June 2022 12:54 AM

රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට යන්න ඉන්ධන ලබාදුන්නට රෝගීන් කොහොමද රෝහලට එන්නේ ඉන්ධන නැතිව...?

:       0       0

kasun Monday, 27 June 2022 05:15 AM

සෞඛ්‍ය අංශවලට ඉන්ධන ලබාදීමට යම්කිසි ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු වුණත් මෙතන සිද්ද වෙන්නේ සේවයට පැමිණීමට පුළුවන් කමක් තියෙද්දී එන්නේ නැති එක. මෙයාලා පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේම නෑ. ඉන්ධන යවන්න බස් තියෙනවා නම් වැඩට එන්න බස් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site