(ඩයනා උදයංගනී)
රජය විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් හේතුවෙන් ව්‍යාපාර වැසී යා හැකි බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ හේතුවෙන් බදු ඔරොත්තු දිය නොහැකි සමාජ කණ්ඩායම් අතර බරපතල සමාජ අසහනයන් වර්ධනය විය හැකි බවත්, එමෙන්ම හැකියාව ඇති සියලු දෙනා රටෙන් පලාගොස් ශ්‍රී ලංකාව මානව කාන්තාරයක් බවට පත් විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
රජය විසින් සිදු කරන ලද බදු වැඩිකිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාඨලී රණවක මහතා මේ බව සඳහන් කර ඇත.
වැට් හා පිරිවැටුම් බදු වැඩි කළ ආණ්ඩුව දැන් තවත් නව ආදායම් බදු ප්‍රමාණයක් හඳුන්වලා දීලා ඇති බවත්, පුද්ගලික ආදායම් බදු රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායමක් ලබන අය හා වාණිජ ආයතන සඳහා වූ බදු
මුදල් වැඩි කරඇති බවත් පවසන මන්ත්‍රීවරයා ආණ්ඩුව මින් ආදායම් වැඩි කරගැනීමට බලාපොරොත්තු වුවත්, මේ තුළ විශාල සමාජ අසහනයක් පවතින බව මන්ත්‍රීවරයා සිය නිවේදනයෙහි දක්වා තිබේ.
එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැනටමත් සියයට 30ක පමණදැවැන්ත පොලී අනුපාතයකට, සියයට 15ක වැට් බද්දකට, හා සියයට 2.5 ක පිරිවැටුම් බද්දකට තිබියදී තවත් බදු පැනවීමෙන් ඉදිරියේ දී එම ව්‍යාපාර වැසී ගොස් ආණ්ඩුවට කිසිම ආදායමක් නොලැබෙන තත්වයක් ඇතිවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.
රජයේ පඩි ගෙවාගැනීමටවත් නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව සිටින ආණ්ඩුව බදු වැඩි කිරීම් මගින් යම් මුදලක් ලැබෙනු ඇතැයි සිතුවත් මෙහි කිසියම් සීමාවකදී ජනතාව නැවත නැගීසිටිය හැකි බවද මතක තබා ගත යුතු බව පවසන මන්ත්‍රීවරයා එයින් රටට ඇති විය හැකි ව්‍යසනය ඉතා විශාල බව ද සඳහන් කරයි.
සෑම බදු පියවරක් මතම සමාජ වියදමක් හා සමාජ අසහනයක් ඇති වන බව මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් මතක තබාගත යුතු බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
43 වන සේනාංකයේ නායකතුමනි.... කොහොමද අපේ 34 වන තට්ටුවේ සේනාංක තිළිණි ප්‍රියමාලි නායකතුමිය විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව නොගෙවාම ව්‍යාපාර කරගෙන ගිය ආකාරය...! [ නමේ තේරුම-- තිළිණි == ත්‍යාගශීලි ලැබීම .... ප්‍රියමාලි == වශීකර සිනහවෙන්ම රැවටීම ]
මෙවර ආදායම් බදු ගෙවීමට අවශ්‍ය සීමාව ලෙසට රුපියල් ලක්ෂයක් කියනවා. මෙය ලක්ෂ තුනක්වත් නොවුණොත් මන්ත්‍රිතුමා කියනදේ සිදුවීම පුදුමයක් නොවෙයි. මේ අතර අපනයනය සඳහා බදු අයකිරීම සියයට තිහක් දක්වා වැඩිකළාම කුඩා තේවතු හිමියන්ට වියදම් දරාගන්න බැරිවෙනවා. දැනටමත් වියදමට ප්‍රමාණවත් ආදායම් නැහැ.. වගාවන් අත් හරීවි. අනෙකුත් අපනයන ද්‍රව්‍ය මිල සීඝ්රයෙන් පහළ යාවි. සියලු නිෂ්පාදන නවතීවි. ඡන්දය බලාගෙන අවශ්‍ය අනවශ්‍ය සැමටම සුබසාධක ප්රතිලාභ ගෙවීමට මෙහෙම කරනවා නම් ලෝකයේ වලපල්ලට ගිය රටක් ලෙසට ලංකාව නැතිව යාවි...
ගෝඨාභය බදු අඩුකලාම දොස් කිව්වා කටින්ම නේද දැන් බදු වැඩි කිරීම ගැන කතා කොරන්නේ? ඔහෙලගෙ කතාත් තම්බිගේ තොප්පිය වගේ හැරෙන හැරෙන පැත්තට දාන්න පුලුවන්. ඔය කියන තොප්පිය දැකලා තිබෙන්වාද?
නිෂ්පාදනය වැඩි කරපල්ලා. පිටරටවල් එක්ක වෙළද ගිවිසුම් ගහපල්ලා. භාණ්ඩ අපනයනයට. හරි සරළයි. ඹයත් බයිලා කියව කියවා ඉන්නේ නැතුව බලන්න මොනවද නිෂ්පාදනය කරන්ලා රට යවලා ඩොලර් කරන්න පුළුවන් කියලා. බදු ගැහුව කියලා රට ඇතුලේ සල්ලි අලුතෙන් උත්පාදනය වෙන්නේ නැහැ. මට පුදුමෙ ඇයි මේ අය කිසිම උත්සාහක් ගන්නේ නැත්තේ නිෂ්පාදන ක්‍රියාවලි ඉහළ නංවන්න කියන එකයි.
මුදල් අච්චු ගසමින් රජයේ සේවකයින්ට පඩි ගෙවීම තවදුරටත් කළ නොහැකි නිසා ඔවුන්ට පඩි ගෙවීම සඳහා මේ බදු උපයෝගි කර ගනී. එනම් ඔබ බදු ගෙවන්නේ අත පය හතර හොඳට ඇති නිකමෙකුට පින් පඩි ගෙවීම සඳහායි...
මොන දේ කළත් හොඳ බුද්ධියක් තියන මනුස්සයෙක්. වැඩක් ගන්න කවුරුවත් දන්නෙ නෑ. ඇයි පක්ෂ පාට කුට්ටි බලපානවනේ . ඒ ආණ්ඩුව තියන වෙලාවේ කලා නම් විදුලි දුම්රිය සේවය අද සෑහෙන පුරට ප්‍රවාහන ප්‍රශ්නෙ විසදිලා.