
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි ජලනල කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකු බව පොලිසිය කියයි.
එම සැකකරුගේ බිරිඳ සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාපීඨයේ සුළු සේවිකාවක් ලෙස සේවය කරන තැනැත්තියක බවත් ඇයද අධ්‍යාපන විද්‍යාපීඨයට අයත් වෙනත් නේවාසිකාගාරයක නේවාසිකව සිටින තැනැත්තියක් වූ බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයකු පරික්ෂා කළ අතර ඔහු සන්තකයේ තිබී කන්සා ග්‍රෑම් 2 ක් සොයා ගැනුනු අතර ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු ද සියනෑ ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ කම්කරු සේවකයකු බව ද පොලීසිය සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියනෑ ගුරුවිද්‍යාලයේ සේවකයා කසිප්පු පෙරලා
Bamunuarachchi Wednesday, 12 April 2023 06:42 AM
එතනෝල් බොන්න අපි මොකටද විසාල මුදලක් වියදම් කරන්නේ. මෙන්න බඩු . අපිටත් සේවයක් එයාටත් ආදායමක්.