ඇමෙරිකාවේ සියැටල්හි වාර්ෂික ආහාර උළෙලක් වන බයිට් ඔෆ් සියැටල් හිදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පහක් පමණ තුවාල ලබා තිබේ. ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 6ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පැවැසුවේ පලා ගොස් ආවරණය වීමට පෙර වේගවත් වෙඩි තැබීම් ඇසුණු බවයි. සියැටල්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව තහවුරු කළේ දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බවත් තවත් පස්දෙනෙකු තුවාල ලැබූ බවත්, අවුරුදු දෙකක පිරිමි ළමයෙකු ඇතුළු සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවත්ය. වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd