
(ඩයනා උදයංගනී සහ අංජුල මහීක වීරරත්න)
රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10) පැවසීය.
එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ගොවිජනතාව මේ පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමේදීත් අඩුපාඩු රාශියක් සිදුවූ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
කෙසේ වුවත් ඉදිරි යල කන්නයට මුහුණදීමේදී කාබනික වගාව සාර්ථක කරගැනීමට රජය විශාල උත්සාහයක් දරණ බව කී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, රජයේ මේ හා සම්බන්ධ ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
චීන පොහොර නැවක් නැවත එනවා දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ රජය චීනයෙන් ඇනවුම් කළේ රටට, පොළවට අහිතකර නොමැති හිතකර පොහොරක් බවත්, එම පොහොර ගුණාත්මයෙන් තොර ඒවා බව මෙරටදීත්, තත්වය හොඳ ඒවා බව සිංගප්පූරුවේදීත් හඳුනාගැනීම විශාල ප්‍රශ්නයක් බවත්ය. ඒ ගැන පරීක්ෂණයක් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
එම පොහොර නැව ආපසු හරවා යැවූ නමුත්,ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්ෂේප වූ පොහොර භාවිතයට සුදුසු බව සිංගප්පූරුවේදී ඔප්පුවීම තුළ නොදකින ප්‍රශ්න රාශියක් ඇති බවත්, ඒ අනුව යම් වරදක් වී ඇතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිව කළ හැක්කේ කොමිස් ගහන එක විතරමද?
නුඹලගේ ටිකිරි මොළවලට තේරුනේ මෙච්චර විනාශයක් කෙරුවාට පස්සේද? මේ රටේ උගත්, බුද්ධිමත් මිනිසුන් මුලින්ම කියපු දේ පිළිගන්න බැරි වුණා නේද? මේ වගේ ගොබිලයින් රට පාලනය කරන්න නෙමේ... ග්‍රාමසේවක කමකටවත් හොඳ නැහැ..
රජය මේ වනවිට ඉතා හොඳින් අවබෝධ කරගත්තාට මොලේ තියෙන අය ඕක ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබුනේ මීට හුඟක් කලින්. එ් විතරක් නෙමෙයි, එහෙම කළොත් ආහාර හිඟ ඇතිවන බවත් වෙනත් ප්‍රශ්න ඇතිවන බවත් අවබෝධ වෙනවා දැනුමක් ඇති අයට...!
මේ කියන දේවල් ඕනම ගොනෙකුට තේරෙනවා.
ආහ් මෙන්න මෙයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. ගෙදර නෝනාගෙන් දෙකක් අහගන්න වෙලා වත්ද ?
මේවා තමයි කෘෂිකර්මාන්ත පිළිබඳව බුද්ධිමත් අය එදා ඉඳන් කිව්වේ. නමුත් ජනාධිපති බාප්පච්චිට මේවා නොතේරුන එක තමයි ගැටළු. උපදෙස් දෙන ලේකම්වරු, ආචාරවරු අයින් කරලා, රක්ෂණ නියෝජිතයකුගේ උපදෙස් ගත්තු නිසා අද දුප්පත් ගොවීන් අපහසුතාවයට පත් වුනා සහ ජනතාවට පොලීමේ ඉන්න වුනා.
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසනවා වගේ වැඩ නොකර සියලු පැති විමසා බලා තීරණ ගන්න තමුන්නැහැල ඉගෙනගන්නේ කවදාද?
දෙයියනේ කියලා පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ට දීලා ඔබතුමාලා පැත්තකට වුණා නම් හොඳයි නේද? තාක්ෂණය අතින් අති දියුණු රටවල් වන ඇමරිකාව චීනය ජපානය වැනි රටවල් වලටත් සියයට සීයක කාබනික කෘෂිකර්මයක් කරන්න බෑ. උඹලා වගේ නොගත් පුද්ගලයන්ට මෙය තේරුම් ගන්නත් බෑ. උඹලා කළයුත්තේ කාබනික කෘෂිකර්මයට වඩවඩාත් සහනාධාර ලබාදී ය ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව ගුණාත්මක රසායනික පෝර සාධාරණ මිලකට ගොවියන්ට ලබාදීම.
ඔබ අති දක්ෂයෙක් නිසා ඔබට එය කල හැකියි
මේ කියන්න හදන්නේ අපේ විද්‍යාඥයින් ෆේල් කියලද? ඕ ලෙවල් අසමත් සහ උගත්කමින් අඩු විශාල ඇමති මණ්ඩලය නොදන්නව උනාට අපේ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන්ව ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පර්යෙෂණවලට සහභාගි කරවා ගන්නේ ඉතා කැමැත්තෙන්. ඒත් ඒ හැම රටක්ම දන්නවා චීනය අත යට වැඩවලට නොපැකිලව උල් පන්දම් දෙනවා කියලා. ඔය කියන සිංගප්පූරු පර්යේෂණාගාරයට ගෙන ගියේ ඔය අසූචි සාම්පල් නොවෙන්න පුළුවනි නේද? හෙට අනිද්දා අපේ කවුරු හරි ඕකෙ අග මුලත් හොයා ගනී.