
(ඩයනා උදයංගනී)
ආනයනයන් සීමා කරමින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යන ජාතික උත්සාහයට සහයෝගය ලබාදෙමින් ට්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය දෙගුණයකටත් වඩා ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පවසයි.
ඒ අනුව මෙම ටයර නිෂ්පාදනය ජුනි මාසය වන විට සියයට 65කිනුත්, ඉන්පසු දෙවන අදියරේදී සියයට 125කිනුත් ඉහළ දමන බව එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ට්‍රක්රථ, ප්‍රයිම් මූවර්ස් සහ බස් රථ සඳහා යොදාගන්නා ටයර් නිෂ්පාදනය අදියර දෙකක් යටතේ ඉහළ දමමින් වසරකට ටයර් 18,000 ක නිෂ්පාදන ධාරිතාවය ටයර් 40,200 ක් දක්වා වැඩි කරන බව සමාගම සඳහන් කරයි. මම නිෂ්පාදනය ඉහළ දැමීමත් සමග මෙම අංශයේ මෙරට ටයර් අවශ්‍යතාවයෙන් සියයට 42 ක ප්‍රමාණයක් සැපයීමට හැකිවනු ඇතැයි ද එම සමාගම පවසයි.
එමෙන්ම මෝටර් රථ සඳහා වන රේඩියල් ටයර් නිෂ්පාදනය ද වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි සියැට් සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කම ආයතනයේ වගකිව යුතු අය මේක බලනවා නම්, මේ ටයර් හිඟයක් පවතින වෙලාවේ නිෂ්පාදනය වන ටයර් රට පුරා බෙදා හැරීම නිසි පරිදි සිදු නොකර ඔබගේම සේවකයින් පිරිසක් තමන් විසින්ම නිවෙස් ඇතුළු බාහිර ස්ථාන වෙත ගෙන ගොස් එනම් කළු කඩ ක්‍රමයක් පවත්වා ගනිමින් වැඩිමිලට තමන්ව සොයා එන වෙළඳුන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සිදු වන්නේ ද යන්න සොයා බලන්න.