(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද්ධ මිත්තනිය සහ මුත්තණුවන් ඝාතනයේ සැකකාර මුනුපුරා ද්විත්ව ඝාතනයෙන් අනතුරුව පලාගොස් උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුයේ ඇල්ල බල්ලකෙටුව නාවලගම පාරේ පදිංචි 22 හැවිරිදිඅවිවාහක තරුණයකු යැයි පොලිසිය කීය .
බල්ලකෙටුව නාවලගම පාරේ නිවසක 4දින රාත්‍රි සිදු වූ මෙම ද්විත්ව ඝාතනයෙන් අනතුරුව සැකකරු එදිනම රාත්‍රි ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර , පසුව බල්ලකෙටුව ,ඇල්ල , බණ්ඩාරවෙල පොලිසිවල විශේෂ පොලිස් කංඩායම් ,පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කංඩායම් කීපයක් එක්වී සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් දියත්කල බවද උසස් පොලිස් නිළධාරියකු පැවසීය .
එහිදී සැකකරු උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව එම නිළධාරියා සඳහන් කළේය.
මෙම සැකකරුගේ පියා නොමැති අතර මව වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි බවද පොලිසිය කියයි .
මොහු බල්ලකෙටුව නාවලගම පාරේ පදිංචි සිය මිත්තනියගේ සහ මුත්තණුවන් ගේ රැකවරණය යටතේ එම නිවසේ වසර ගණනක් පදිංචිව සිටි ඇති අතර , කලක් යුදහමුදාවේ සේවය කර පසුව ඉන් පලාවිත් ඇතැයි පොලිසිය සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අල්ලන්න ඕනේ , මේ දරුවන් රවට්ටලා කුඩු අයිස් පොවන කුඩු මුදලාලිලා සහ උන්ට ඇප දෙන කාලකන්නි ටික . කුඩු අයිස් වලට දරුවන්න ඇබ්බැහි වෙන ඖෂධ වන දුම් වැටි,බීඩි තහනම් කලයුතුයි. ඇබ්බැහි වුනු කෙනාගේ මනස ඉල්ලන වෙලාවට ඒ දේ ලැබෙන්න ඕනේ, ඔවුන්ගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ. ඔවුන් කරන දේවල් බොහොමයක් කරන්නේ විකුර්ති වූ මනසකින්. දඬුවම් දෙන්න ඕනේ එකා ට ඇප දීල, කුඩු අයිස් බිස්නස් ඕනේ විදියට කරගෙන යන්න දෙන එකේ ප්‍රතිපල මේවා