(රංජන් කස්තුරි)
නව රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ජනතාවට ලබා දුන් සහන මල්ලේ අඩංගු ඇතැම් සහන ක්‍රියාත්මකවනුයේ ලබන ජනවාරි මස පළමු වැනිදා සිට යැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
වැට් බද්ද අඩු කිරීම , දුරකතන ගාස්තු අඩු කිරීම හා ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම ආදිය ක්‍රියාත්මක කිරීමට නම් දේශීය ආදායම් පනතට සංශෝධන ඉදිරිපත් කළයුතු බවද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
බදු සංශෝධන වහාම ක්‍රියාත්මක වන පරිදි කළ නොහැකි අතර එම සංශෝධනවලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන තරම් ලෙහෙසියෙන් කරන්න බැරි බව පෙනී යනවා...
ජනවාරි වෙනකොට සහන ඉල්ලා ගන්න වෙන්නේ කාගෙන්ද
වාහන වලට ගහලා තියෙන බද්දත් අඩූ කරන්න ..
එහෙනම් මේ බතල කොළ හිටවලා තියෙන්නේ කටින් නේද ?
ජනවාරි වෙනකොට පොරොන්දු වුනේ මොනවද කියල කාටද මතක් වෙන්නේ?????
එහෙනං බහුතරේ නෑ
සහන මල්ල අද නොව හෙට (බාලගිරි දෝෂය). මේ රවට්ටනේ කාවද කියල කල්පනා කරන්න.
වෙනස සැපද ?