(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අසරණව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් එක් අයකුට ඇඟිල්ල දිගුකර ඇඟ බේරා නොගෙන එහි වගකීම භාරගෙන සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .
තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල්මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.ඔහු පවසන්නේ තෙල්මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්,ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.
රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ.පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ.එමෙන්ම ආණ්ඩුව අබ්යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ.
ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානය.
මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් නිකුත් කරනු ලබන මෙවන් නිවේදන තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත පිළිවෙත ජනතාව ඉදිරියේම නිරුවත් වීම විනා අන් යමක් නොවේ.
තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැති අතර අදාල ගැසට්ටුව ද ‘රිවස්’ කරන්නට ආණ්ඩුවට බලකරන ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන් ය.පොහොට්ටුවේ ලේකම්වරයා නිරූපණය කරනුයේ අදාල කටයුත්ත වෙනුවෙන් කසකරුවෙකුගේ භූමිකාව ය.
ආණ්ඩුව මේ වනවිටත් මහජන විශ්වාසය දියකරගෙන ඇති අතර,ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන පොදුජන පෙරමුණට පවා තමන් ආණ්ඩුකරන බව නොතේරී තිබේ.
වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කරන දේවල් වලින් තේරුම් ගත යුත්තේ ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් හා උපායමාර්ග නැතිව කොච්චර බුද්ධිමත් අය පත්වුණත් වැඩක් වෙන්නේ නෑ කියන එකයි. මිනිස්සු පුද්ගලයන් දිනවනවා වෙනුවට ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතු කාලය එළඹ ඇත. හිස් මිනිස්සුන් කටමැත දොඩවනවා මිස තම තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ආගම, ජාතිය වැනි දේවල් වලින් ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරයි. පක්ෂයක දැක්මක් වෙනුවෙන් නම් දේශපාලනයට එන්නේ ඔවුන්ට පක්ෂය මාරු කර වෙනත් පක්ෂයකට එක් විය නොහැක. එයින් පේන්නේ ඔවුන්ට දැක්මක් නැති බවයි. මිනිස්සු තේරුම් ගත යුත්තේ නිවැරදි ආර්ථික සැලැස්මක් නොමැතිව රටක කිසි දිනක ජීවන තත්ත්වය උසස් නොවන බවයි...
අයින්වෙලා ඔබතුමාටද බාරදෙන්න ඕනෑ. ඊට වඩා හොඳයි. 2 වසරේ ළමයෙක්ට දෙන එක...
අායිත් ආවානේ....!!!
ඔබලාට බාර දුන්නොත් මේ ටිකත් නෑ. අපිට මතකයි යහපාලනය 05...
එතකොට ඔයාට කල්ල මරේ...
අස්වෙලා මෙයාට දෙන්න.. හී හී...!!!
අපි ඇවිල්ලා කරන්නම්නේ... 5 න් 5 ට මාරුවේවි...!!!
ඔබ මෙයටත් ප්‍රකාශයක් නිකුත් කළා... මෙය එකඟතාවයක් මත කරන ලද නාටකයක් විය හැකියි.
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
මෙයාලට දුන්නම තව අවුරුදු 5 යනකල් කියවයි පහුගිය ආණ්ඩුව අපිට දුන්නේ විනාශ කරපු රටක්... විදේශ සංචිත හිස්, භාණ්ඩාගාර හිස් කියලා ඒ අවුරුදු ටික තමන්ට කඩේ ගිය ගෙන්චයියන්ට සලකයි.. ඕක තමයි මේ රටේ අවුරුදු 50ක් විතර කැරකෙන දේශපාලන රෝදේ.!!! .
ඇමරිකන් අධිරාජ්‍යවාදී වෙනවට වඩා තෙල් වැඩි වෙන එක හොඳයි මහත්තයෝ. දැන් මොකක්ද ප්‍රශ්නේ? වාහන කියන්නෙම බටහිර දෙයක්. අපේ වාහන සංස්කෘතියක් තිබුණේ නෑ. දැන් පුදුම වාහන පිස්සුවක්නේ තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් පාර පුරා යන එකද ජීවිතේ කියන්නේ? මේ සුද්දා අපිට පුරුදු කරපුවා. අපි නතර කරගන්න ඕන වාහන පාවිච්චිය මිසක් තෙල් මිල නෙමෙයි. එකම විසඳුම සරල ජීවන ක්‍රමය. අපි නැවත අතීතයට යා යුතුයි. හරිත විප්ලවය පරදා ප්‍රකෘති ජාන සහිත බීජ සොයා යා යුතුයි. අපි නතර විය යුතුයි. (බුදුන් වහන්සේ අංගුලිමාලට කියපු දේ) අධිවේගී ගමන නවතා මොහොත තුළ ජීවත් වීම ප්‍රගුණ කළ යුතුයි...
එතකොට ඔක්කොම හරිද..? අපිට මතකයි යහපාලනේ කරපු කෙලි.. ඔහෙට බෑ ආයි මොනවා කිව්වත්...
ඔය වැඩේ කරන්න එපා.. ආණ්ඩුවේ ගත්තු ණය ඔක්කොම ගෙවලා මිසක් යන්න එපා කියන්න. ඕක තමයි පක්ෂ 02ම කරන්නේ... අවුරුදු 05ක් හොරකම් කරන්න දීලා අනිත් අය ඇවිල්ලා ඒකම කරනවා..
අප රටේ පිල් බෙදී සහ බෙදා වාද කිරීම හැරෙන්නට කොයි කවුරු ආවත් සැලසුම්කරණය බිංදුවයි කියආ හිතෙන්නේ පසුගිය රජය සමයේ නගරවල කසල එකතුවීම සහ ඩෙංගු ව්‍යාප්තියත් මේ රජයේ නැව නිසා වූ විනාශය මෙන්ම ජනතාව පෙළමින් කෝවිඩ් එන්නත් පෝලිම් දිගුවීමත් දුටුවිටයි.
මහත්තයෝ අවුරුදු 05 කින් රටක් දියුණු කරන්න බැහැ. දැන් ඉන්න කට්ටිය බලය ඉල්ලුවොත් කරන්නේ කොහොමද නොදැන...? ඔබතුමා බලය ඉල්ලන්නෙත්, කරන්නෙත් කොහොමද නොදැන? පක්ෂ විපක්ෂ හැමෝම එකතුවෙලා අවුරුදු 20ක් විතර සැලසුමක් හදන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්න...
මේකේ ප්‍රතිචාර දැක්කාම හිතනවා තව වැඩිකළානම් හොඳයි කියලා... ලංකාවේ නූගත් මොලවල පාරාදීසයක්...
ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙන්නද කියන්නේ?
කථාවට කියන්නේ දේශපාලනේ කරන අයගේ ලැජ්ජා නහර කපලා කියලා. සජිත් මහත්තයාගේ මේ කථාවෙන් ඒක ඔප්පු වෙනවා..
ප්‍රමාද නොකර ජාතික රජයක් තිබිය යුතුයි.
අර පහුගිය කාලෙ මිල සූත්තරය හදපු කෙනාගෙන් ඇහුවා නම් හරි..
පව් නේද?
ඇත්තටම? කවදා ඉඳන්ද? මම දන්නා කාලේ පැට්රල් ගැලුමක් රු 2.50යි. අද ලීටරයක් රුපියල් 157යි.. හැබැයි කිසිම ආණ්ඩුවක් තෙල්මිල වැඩිකරලා ඉල්ලා අස්වුනේ නැත...
"අමන ජනතාවක් කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි නොවේ" - බ'තෝල්ට් බ්‍රෙෂ්ට්
බ'තෝල්ට් බ්‍රෙෂ්ට් හොඳයි කියන ජාතියේ ආණ්ඩු කොහෙද තිබෙන්නේ?