(එෆ්.අස්ලම්)
තමන්ට තවදුරටත් විපක්ෂනායක ධූරය දැරීමේ හැකියාවක් ඇති බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කරනු ලබන පත්කිරීම් කිසිවිටෙක පිළිගත නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂනායක ධූරය ලබාදීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් වත්මන් ආණ්ඩුව හා එක්වීම ඊට හේතු වී ඇති බවත් හෙතෙම අවධාරණය කළහ.
විපක්ෂනායක ධූරය සදහා කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂට පත්කරන බවට තමා දුන් තීරණයේ වෙනසක් නොමැති බවට පසුගියදා පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සදහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායම ආණ්ඩු පක්ෂය වෙනවා.ඊට පසු බහුතරයක් තියෙන පක්ෂය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විපක්ෂය ලෙසින් කටයුතු කරනවා.2015 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් විදිහට රට පාලනය කළා.මේ අනුව පාර්ලිමේන්තුවේ තුන්වැනියට බහුතරයක් හිමිකරගත් පක්ෂය වුන දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන විපක්ෂය බව දැනුම් දුන්නා.
පසුගිය ඔක්තෝබර් 26 වනදා මේ රටේ ප්රජාතන්ත්රවාදයට විරුද්ධව දේශපාලන වශයෙන් ඇතිවූ අර්බුදකාරි තත්වයෙන් පසු විපක්ෂනායක වශයෙන් දැනුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නැමති පක්ෂයේ සාමාජිකත්වය ගෙන තිබෙනවා.එම තත්වය මැද ඔහුට පාර්ලිමේන්තු මන්ත්රිධූරයේ සිටීමද ප්‍රශ්නයක් වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරල සත්‍ය හෙලිකළ යුතුයි.
මීලගට වත්මන් ආණ්ඩුව සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය එකතු වෙලා ඉන්නවා.ඉදිරියේදීත් ඒ සන්ධානයේ තවත් අය ආණ්ඩුවට එකතු වෙන්න ඉන්නවා කියලත් කියනවා.ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් එජාප ආණ්ඩුව සමග එක්ව සිටියෙදී එම සන්ධානයේ නියෝජිතයෙකුට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය දිය නොහැකියි. මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායන්ට අනුකූලව ලබාදෙන්න ඕන.
විපක්ෂනායක ධූරය මම බලහත්කාරයෙන් තියාගෙන නැහැ.1977 වසරේදී ඒ.අමිර්තලිංගම් මහතා මේ රටේ විපක්ෂනායක විදිහට හිටියා.ඒ කාලයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන හයයි හිමිවෙලා තිබුනේ.ආසන 18ක් හිමිකරගත් අපටයි දෙවනුවට බහුතරයක් තිබුනේ.වත්මන් පාර්ලිමේන්තුව තුළ අප සුළුජන නියෝනයක් බව පිළිගන්නවා.එහෙයි කියල නීතියට හා සම්ප්‍රදායන්ට එරෙහිව සිදුකරන පත්කිරීම් පිළිගන්න බැහැ.
රටේ මූලික නීතියට සර්ව සාධාරණව පැවතිය යුතුයි කියන ස්ථාවරයේ අප පසුවෙනවා.1983දී මාද ඇතුළු අප පක්ෂයේ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්රීධූරයද විසිකර දමා ගිය බව නැවත වරක් මතක් කරන්න ඕන.අප පදවි තානාන්තර වරප්‍රසාදවලට ආස නැහැ.ප්‍රතිපත්තිගරුකව අවංකව කටයුතු කරන්න ඕන කියන එකයි අපේ ස්ථාවරය.ඊට පටහැනි කිසිම ක්‍රියාමාර්ගයකට අනුව අපට අත්හැරීම් කරන්න බැහැ.
මේ පිලිබද අපගේ ස්ථාවරය පෙරාතුවම දැනුම්දී තිබෙනවා.විපක්ෂනායක ධූරය වෙනුවෙන් අශීලාචාර විදිහට කටයුතු කරන්න බැහැ.අධිකරණය හමුවට මේ ප්රශ්නය අරන් යනවද කියල අපි මෙතෙක් තීරණය කරල නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුයි තෙරෙන්නෙ, එන්නකෝ ඡන්දෙකට අපි බලාගන්නමි ඉතිරි හිරිය.
කෝ මේ ජේවීපී කට්ටිය ? කෝ මේ විජිත? වහාම පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලන්නේ නැද්ද?
ශ්‍රීලංකා පොදුජන පෙරමුණට දෙමළ ජාතික සන්ධානයට වඩා ආසන සංඛ්‍යාවක් තිබෙනවද? එසේ තිබේ නම් මහින්ද රාජපක්ෂට විපක්ෂනායක ධූරය ගැනීමට ප්‍රශ්නයක් නැහැ නේද?
ටී.එන්.ඒ. පක්ෂය රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට සහය දෙන බවට ලිඛිතව දන්වා ඇති බැවින්, විපක්ෂනායක තනතුර ඔවුන්ට ලබා ගැනීමට හැකියාවක් නැත. සම්බන්ධන් ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන කිවූවට, ඔය 1983 මන්ත්‍රී ධූරය විසිකර ගියා කියන එක, ව්‍යවස්ථාවේ කුමන වගන්ති වලට අනුව ක්‍රියා කිරීමක් ද ? තව ද විපක්ෂ නායක තනතුර දැරිය යුත්තේ, රටේම සිංහල, දමිල, මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නකු මිස, විවිධ හේතු දක්වමින් විදෙස් රටවල සිටින දමිල ප්‍රජාව ගැන පමණක් කථාකරන සම්බන්ධන් වැන්නකු නොවිය යුතුය.
ලුම්බිණි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා පක්ෂයක් ගිය මැතිවරනේයෙදී ඡන්දෙ ඉල්ලුවේ නැහැ. ඒ තියා ඒ වගේ පක්ෂයක් ලියාපදිංචි කරලා තිබ්බෙත් නැහැ. ඒ නිසා මහින්දව විපක්ෂ නායක හැට්යට පත් කෙරීම ව්‍යවස්ථාවට පටහැනිය
සම්පන්දන්ට විපක්ෂ නායකකම ගන්න විදිහක් කොහෙත්ම නැහැ.
වත්මන් ජනාධිපති, අගමැති, විපක්ෂ නායකයලා සේරම විහිළු. 2020 වෙනකම් පිස්සු නටාවි.
විපක්ෂ නායක කාර්යාලය වටලන්න යමු..
කුමන්ත්රණයෙන් පස්සේ ඡන්දයක් ඉල්ලලා උද්ගෝෂණ කරනවා කිව්ව ජවිපෙ කෝ?
පහුගිය දිනවල දෙමළ ජාතික සන්ධානයේ අයයි.. මෙයාලට කඩේ යන කට්ටියයි දැඟලුවා නේදා ව්‍යවස්ථාවයි, ප්රජාතන්ත්රවාදයයි ගැන බෙරිහන්දිදී. ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඔහේලා ඉල්ලපු දේ ලබා දුන්නානේ. ආර්.සම්පන්දන් උන්නැහේ දැන්නිකම් ගොන්පාර්ට් නොදා ව්‍යවස්ථාවටයි, ප්‍රජාතන්ත්‍රවාදයටයි අනුව වැඩකළා නම් හොඳයි.
ලග්න පලා..පල 2019.. මේක නම් " හෙනහුරාගේ මහදසාව " අගමැති වෙන්න ගියා, එතනත් තව එක්කෙනෙක්... විපක්ෂනායක වෙන්න ගියා එතනත් තව එක්කෙනෙක් ...!!!
මේ ඔක්කොම අපිට කොලේ වහලයි ගහන්නේ.. මේක 1977 ඉඳන් වෙනදෙයක්.. අපි මෙහෙ තර්ක විතර්ක ඉදිරිපත් කරලා මතගැටුම් ඇතිකර ගන්නවා. නව මාවතකට පිවිසෙන්න කතිකා කරමු.
මේවායින් පෙනෙන්නේ සිංහලයින්ගේ නිවටකමයි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති වේ.. ජනාධිපති ඇමතිකම් දරයි.. එවිට ආණ්ඩුවේ (පවතින රජයේ නායකයා ජනාධිපති) වේ. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනා ආණ්ඩුවේ කොටස්කරුවන් වේ... එහෙම නම් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කොහොමද විරුද්ධ පක්ෂයේ නායකයා වෙන්නේ..?
මහින්ද මහත්තය නම් මේ පාර පුදුම පඹගාලක පැටලුනේ.
ඕනේ රටක විපක්ෂය කියන්නේ ඊළඟට බලයට එන පක්ෂය. මේගොල්ලෝ පිටරට වලට පෙන්වන්න හදන්නේ කවදාවත් වෙන්නේ නැති ඒක.
නිහාල් මහත්තයෝ 2015 තිබ්බේ 18වන ව්‍යවස්ථාව දැන් 19වැනි ව්‍යවස්ථාව..
දිසා හරියට නීතිය ක්‍රියාත්මක වුණෙත් දයාසිරි කෙළින් වැඩකොළොත් මහින්ද මහත්තයට මන්ත්‍රිකමත්... නැහැ..නැහැ ....නෑමයි...!!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා පක්ෂ නායකයා ජනාධිපති වේ.. ජනාධිපති ඇමතිකම් දරයි.. එවිට ආණ්ඩුවේ (පවතින රජයේ නායකයා ජනාධිපති) වේ. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා ආණ්ඩුවේ කොටස්කරුවෝ වේ... එහෙම නම් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාද ආණ්ඩුවේ කොටස්කරුවෝ වෙති. ඒ කොටස්කරුවන් කොහොමද විරුද්ධ පක්ෂයේ නායකයා වෙන්නේ..? අපි මේ කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරමු. දැන් පවතින්නේ 19 වන ව්‍යවස්ථාවයි... අපිට නිවැරදි අර්ථ නිරූපණයක් අධිකරණයෙන් ලැබේවි..!!!
මහින්දට විරුද්ධ පක්ෂයේ නායකයා වීමට ව්‍යවස්ථානුකූලව අයිතියක් නැහැ! මොකෝ ආයෙත් පස්ස දොරෙන් එ්කටත් කෙලින්නද හදන්නේ? මේ අයගේ වැඩ හැමදාම පස්ස දොරෙන් වගෙයි!
නිහාල්.. නිමල් සිරිපාල විරුද්ධ පක්ෂේ නායකයා වුනේ කොහොමද කියලා විධායක ජනාධිපතිගෙන් අහන්න සමහරවිට... එයා දැන් නැහැ කියයි... මතක නැහැ කියයි පත්තරෙන් තමයි දැක්කේ කියයි.. කවුද පත්කළේ කියයි ...කවුද සිවුරුම් දුන්නේ කියයි ... ඔයවගේ දේවල් කියයි ...!!!
බහිනවා හලෝ... දොට්ට එළියට ඇදලා දාන්න ඉස්සෙල්ලා. ආණඩුවට පන්දම් අල්ලන කෙනෙක් කොහොමද විපක්ෂ නායක වෙන්නේ...?
බැහැපිය.. පුතා දොට්ට... ආණ්ඩුවට පන්දම් අල්ලනවා මදිවට විපක්ෂනායක කමත් දෙන්නලු
ලජ්ජා නැතිකම මහමුදලි කමටත්වඩා ලොකුයි ලු ...
මල් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත කෙනෙක් කොහොමද අත යටතේ මන්ත්‍රී කෙනෙක් වෙන්න මන්ත්‍රී කමක් නැති කෙනෙක් කොහොමද විරුද්ධ පක්ෂේ කයක වෙන්නේ.?